2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

එහේනම් එන්න බැහැ

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 774

නැගෙන හිරුට වඳින්නත් බසින හිරැට පිටුපාන්නත් අපේ අය හුඟක් දක්ෂයි. මේකත් ඒ වගේ කතාවක්.. අපි මේ කියන චරිතය මේ ආණ්ඩුව යටතේ වගේම ගිය යහපාලන කාලෙත් එක්තරා පළාත් සභාවක ඉහළම පුටව දැරූ කෙනෙක්

දැනුත් උන්නැහේ රජවරු ගැන කියැවෙන රටක ලොකුම පට්ටමක් දරනවා කිව්වොත් ඒක හරි...

ඉතින් ඒ පළාතට දිස්තිරික්ක ගණනක් අයිතියි... ඒ හින්දම නිල කටයුතුවලට එයා ඒ ඒ දිසාවල්වල සංචාරේ කරනවා...

ඔහොම යන අතරේ වරක් පුලතිසිපුරේ පැත්තටත් යන්න සිද්ධ වුණා... ඒ පළාතේ යන ගමන සංවිධානය කරලා තිබුණේ පළාතේ නගරවලට අයිති සභාවල ලොකු ලොක්කො.

ඉතින් ඔන්න චාරිකාව ආරම්භ වුණා. එහෙම ගමන පටන් අරන් ටිකකින් අපි ඔය කියන පළාතේ බලවතා ගමන සංවිධායකයකුට කතා කරලා රහසක් කිව්වලු...

පුතේ මම ඔය පැත්තේ ආවට අරගොල්ලන්ගේ හෝටලෙන් නම් ප්ලේන්ටියක්වත් බොන්න ලෑස්ති කරන්න එපා හොඳෙයි.. එතෙන්ටනම් මට එන්න බැහැ. කියලා. එක්තරා බලවත් තැනක කෙනකුට අයිති හෝටලේක නමක් කිව්වා.
ඒ අනුව තේ සංග්‍රහය සූදානම් කළේ වෙන තැනක බවයි ආරංචි...

හැබැයි උන්නැහේ ඔය චාරිකාව මෙයට අවුරුදු එකහමාරකට විතර කලින් පුලතිසිපුරේ ආවනම් ඔය කියන හෝටලේ ඇර වෙන තැනකට අඩිය තියන්නෙවත් නැතිලු..

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00