2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

අග මුල මාරුවෙලා

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 842

සමගි බලවේගෙ නිසා හිරු පායපු කොළඹට කිට්ටුව පිහිටි මන්ත්‍රී ආසනේක ඡන්දදායක භවතුන් කුලප්පු වෙලා හිටියා...

ඒකට හේතුව මේ අයගේ සංවිධායකකම් කරන ලලනාව ඡන්දෙන් පස්සේ තමන්ට දකින්න නොලැබුණ එකටයි.. ඡන්දදායක භවතුන් කොපමණ කුලප්පු වුණාද කියනවනම් පක්ෂයේ මූලස්ථානයට ගිහිල්ලා ලොක්කම හම්බුවෙන්න තීන්දු කළා. මේ පැමිණිල්ල කරන්න ඒ හමුවට සංවිධායකටත් එතෙන්ට එන්න කිව්වා....

ඡන්දදායක භවතුන් පක්ෂයේ ලොක්කා හමුවේ තමන්ගේ හැව අරින්න සූදානම් වෙන බව ඉවෙන් මෙන් දැනගත්ත සංවිධායක රැස්වීමට ගියේ නැතිලු..

පක්ෂයේ ලොක්කයි තමන්ගේ ඡන්දදායකයොයි හමුවුණ මීටිමට එයා නොපැමිණීම ගැන පක්ෂයේ ලොක්කටත් සෑහෙන්න කේන්ති ගියා...

ඒ ගමන දුරකතනයෙන් සංවිධායක ලලනාව අමතපු පක්ෂ ලොක්කා වහාම එයාට කැඳෙව්වා... එයා එතෙන්ට ආවා විතරයි ජනතාව තමන්ගේ ආවේග ගණ සැරේට පිට කරන්න පටන්ගත්තා. වැඩේ පෝරියල් වුණා. අන්තිමේදී පක්ෂයෙ ලොක්කට කාරණාව තේරුණා....

එයා කවදාවත් කතා නොකරන සැර බසින් සංවිධායකට අමතක නොවන පාඩමක් ඉගැන්නුවා... රුස්වීම හමාර වුණා. ඡන්දදායකයොත් සංවිධායකත් දෙපැත්තට මාරු වුණා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00