2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා

මේ කවුද?

 2020 සැප්තැම්බර් 19 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 545

20 ගොඩදාගන්න ආණ්ඩුව ලොකු ට්‍රයි එකක් දෙනවා. ඒකට ආණ්ඩුව ඇතුළෙම සමහරු බරබරේ දාපු නිසයි 20 ගැන මේ තරම් ගෝසාවක් මතු වුණේ.

කොහොමහරි 20 ගොඩදාගන්න ආණ්ඩුවට විශේෂයෙන් මන්ත්‍රී සහයක් ගන්න වෙනවා. දැනටත් සමහර සුළු පක්ෂ ඒ ගැන කතාබහක් පටන් අරන්ලු.

ඒ අතරේ ආණ්ඩුවට විපක්ෂය කස්ටිය බාගන්න උදව් වෙන්න විපක්ෂයට සම්බන්ධ ලොක්කෙකුත් සැට්වෙලාය කියලා ආරංචියක් ගියා. මේ ගැන කාරණා කාරණා සොයාගෙන යනකොට දැනගන්න ලැබුණේ කොළඹ දිසාවට සම්බන්ධ විපක්ෂයේ එක්තරා පක්ෂයක හිටපු ලොක්කෙක් මීට දායක වන බවයි.

යහපාලන කාලේ ප්‍රබල ඇමැතිකම් කරලා මහ ඡන්දෙන් පස්සේ ඇමැතිකම නිසා මන්ත්‍රීකමත් නැතුව ගිය මුන්නැහේ මහා ධනවතෙක් හැටියටත් සැලකෙනවා..

පසුගිය දවස්වල එයා තමන්ගේ පක්ෂයේ ඉහළ පුටුවකට නැගන්න හැදුවත් ඒකත් අන්තිම මොහොතේ චකබ්ලාස් වුණා. ඒ වෙනකොටත් මෙයා ආණ්ඩුවේ 20 ශක්තිමත් කරන්න තිරය පිටුපස වැඩ ගොඩක් කරලා තිබුණ බවයි ආරංචි..

මෙයා මෙහෙම කරන්නේ තමන්ගේ කස්ටිය එක්ක තියන පරණ ඇරියස් පිරිමහගන්න කියලත් තතු දත් අය කියනවා.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00