2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා

වැඩ කරන්න නම් සැපට ඉන්න එපායැ

 2020 සැප්තැම්බර් 12 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 553

යහපාලන ආණ්ඩුව තියෙන කාලෙ මිටි කස්ටිය වැඩිපුර රස්සාවලට බඳවාගත්ත ක්ෂේත්‍රයක් ගැන කතාවුණා මතකද...?

අන්න ඒ සම්බන්ධයෙන් ජනතාවට වැඩකරන්න ඇමැති අංශයක් තියෙනවා. ඒකෙ ඉන්න දේශපාලන ලොක්ක ගැන නෙවේ මේ කතාව... ඉහළම පුටුවක වාඩිවෙලා ඉන්න රජකාලෙ නමක් තියෙන නිලධාරි සයිස් පිංවතෙක් ගැනයි...

උන්නැහේ මෙතෙන්ට ඇවිත් දැන් සුමාන දෙක තුනයි... ආපු දවසෙ ඉඳලම එයාට තිබෙන ප්‍රශ්නය අලුත් කන්තෝරු කාමරයක් සුව පහසු මේස පුටු වගේ සිල්ලර කාරණාලු...

ඔය පුටුවෙ කළින් හිටපු ලොක්ක පාවිච්චි කරපු මේසෙත් එයාට එපාවෙලා ඒකට අලුත් මේසයක්... දාස් ගණනක් වටින අලුත්ම සුපිරි පුටුවක්... වගේ තව තව දේවල් ඉල්ලනවලු.

ඒව පමාවුණොත් අදාළ බලධාරීන්ට හොඳ භාෂාවෙන් කතා කරනවලු. එක්තරා කොමසාරිස් සයිස් මහත්තයෙක් ඉන්න සභාවකදී කිව්වලු තමන් කියන වැඩකටයුතු ඉටු නොකළොත් බැටන් පොල්ලක් අරන් ඒව ඉටුකරගන්න එනවා කියලා.

එතකොට ඉවසීමෙ සීමාව ඉක්මවා ගිය කොමසාරිස් තැන මෙතෙන්ට බැටන් පොලු ඕන නැහැ... මෙතන ඉන්න රාජ්‍ය සේවකයො බව මතක තියාගන්න කියල කීවලු. ඔන්න ඔය විදියට තමයි එතන නාට්‍යය සිද්ධ වෙන්නෙ. මේක මෙහෙම ගියොත් ළඟදිම බැලුම පිපිරෙයි කියල නාරාහේන්පිට පැත්තෙ කස්ටිය කියනවා...