2020 අගෝස්තු 29 වන සෙනසුරාදා

මහපුටුවට සටන් දෙකක්

 2020 අගෝස්තු 29 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 600

අලි පාටියෙ නායක පුටුවට සටන් දෙකක් පටන් අරන්ලු. මේ සටන් දෙකම සිද්ධවෙන්නෙ එකම විදියට වගේ පෙනුණට කෙළවරේ ඉන්නෙ දෙන්නෙක් කියලයි ආරංචි...

එයින් එක සටනක් ඇරඹුණේ හිටපු කතාවට නායක උන්නැහේ අලි පාටියෙ මහපුටුව ඉල්ලපු නිසයි... උන්නැහේට උදව්වට සංවිධාන ගණනාවකුත් මංගල උන්නැහේලත් පෙරට ඇවිත් ඉන්නවා... ඒ සටනෙ අරමුණ හිටපු කතා-නායක උන්නැහේ අලි පාටියෙ මහපුටුවෙ වාඩි කිරීම... හැබැයි ඒකට දැන් නීතිමය බාල්දියක් පෙරළිලා.

ඒ වගේම තවත් පිරිසක් නුගේගොඩ පැත්තෙ එක්තරා ආරාමයක ඉඳන් සටනක් දියත් කරල තිබෙනවා... ඒ අයත් කියන්නෙ හිටපු කතානායක තැන මේ පුටුවට හොඳයි. ඒත් තවත් සුදුස්සොත් ඉන්නවය කියලලු...

ඊටපස්සෙ සමහර පාක්ෂික හිතවත්තු මේ තවත් සුදුස්සො කවුද කියලා විපරම් කරලා බැලුවා... ඊටපස්සෙ ආරංචි වුණේ මේ පාර ඡන්දෙ පැරදුණු අකුරැ දෙකක නමක් තියෙන කරුණාබර කෙනෙක් ගැනයි...

ඒකෙන් පේන්නෙ අලි පාටියෙ මහපුටුවට එක සටනක් නෙවෙයි සටන් දෙකක්ම එකපාර පටන් අරන් බවයි...

හැබැයි දැන් ඉන්න ලොකු තැන යන්නෙ නැතුව කරන මේ සටන් හරියට දැලෙන් සුළං බදනව වගේය කියලයි සිරිකොතේ කස්ටිය කියන්නෙ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00