2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

ඇම්බියුලන්ස් වලිය

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 649

මේ දවස්වල දුරකතන පාටියේ කොළඹ ආචාර්යතුමත් අලි පාටියේ නායකතුමත් අතර ලොකු සංවාදයක්ලු. ආචාර්යතුමා කියන්නේ ගිලන් රථ භාරතයෙන් ගෙන්නගත්තේ එයා කියලා. ඒත් නායකතුමත් කියනවලු ගිලන් රථ භාරතයෙන් ගෙන්නගත්තේ එයා කියලා. මේ දෙන්නම ඒක එයාලගේ පත්‍රිකාවල ගහලලු. දැන් එයාලගේ ආධාරකරැවන්ට ප්‍රශ්නයක් වෙලාලු ඇත්තටම කවුද මේවා ගෙනාවේ කියලා.

කොහොමහරි දැන් වැඩියෙන් කැම්පේන් කරන සමාජ මාධ්‍ය ඇතුළේ මේ ඇම්බියුලන්ස් වලිය හෝ ගලා යනවා. දෙගොල්ලන්ගේ ඈයෝ මරාගන්නවලු මේවා ගෙනාවේ අහවලා කියලා. මඩ නාගන්නවලු. මේ දවස්වල බුකියේ වැඩියෙන්ම කතා වෙන්නේ කවුද ඇම්බියුලන්ස් ලංකාවට ගෙනාවේ කියලලු.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00