2020 අගෝස්තු 01 වන සෙනසුරාදා

තනි සටනක්

 2020 අගෝස්තු 01 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 618

සියනෑවෙන් ඡන්දය ඉල්ලන එක්කෙනෙක් තනි සටනකලු. එයා වැඩ කරන්නේ තනියමලු. හරිම ප්‍රසන්න හිනාවක් තියෙන මෙයා ඉන්නේ කැලණි පුරවරයෙලු.

කොටින්ම කිව්වොත් මෙයාගේ ඒරියල් එකේ ඡන්ද කැම්පේන් එකක් කරනවා නම් එයාගේ ඈයන්ගෙන් අවසරේ ඕනලු. නැත්තම් ඉතින් බේරුමක් නෑලු. මේ ළඟදි ආචාර්යතුමාගේ රුස්වීමක් තියන්න ගිහින්. අන්තිමේදී මෙතනට පොලීසියයි, මැතිවරණ කොමිසමේ කට්ටියයි එව්වලු මේ හාදයා. එවලා එතන රැස්වීම තියන්න බැරිවෙන්න වැඩේ සැට් කළාලු.

කොහොම වුණත් මෙයාගේ මේ හයිය තියෙන්නේ මෙයා මේ වැඩිම මනාපය ගන්නවා කියලාලු. ඉතින් ඒ නිසා මෙයාගේ ඒරියා එකේ කාගෙවත් පොහොට්ටු පුප්පන්න බෑලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00