2020 ජුලි 25 වන සෙනසුරාදා

දෙවැනියා කවුද?

 2020 ජුලි 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 561

අලි පාටියේ මුල්පුටු අවුල ටික ටික වැඩිවේගෙනලු එන්නේ. පුංචි දාසගේ පිම්මත් එක්ක පක්ෂයේ දෙවැනි නායකයා කවුද කියලා තෝරන්න දෙයක් නෑ කියලා කොළඹ ඉන්න කරුණාවට බර නායකතුමා කියනවලු. ඒත් නුවරඑළියේ ඉන්න දිසාවට බර නායකතුමා කියන්නේ තාත්තත් හිටිය තැන නිසා එයාට අයිතියක් ඔය කාටත් වඩා තියෙනවා කියලා. හැබැයි ඔය සේරම අස්සේ එක්කෙනෙක් කියනවලු පක්ෂයට වැඩියෙන් සල්ලි දැම්මේ මං. පක්ෂය නිසා ගොඩක් දේවල් නැති වුණා. ඒ නිසා මට දෙක ඕන කියලා. ඒ දයාවට බර කෙනෙක්ලු. හැබැයි නායක තැන නම් කිසිම කතාවක් නෑලු ඒ ගැන.

හැබැයි එයාලගේ මණ්ඩලයේ ගොඩක් අය කරුණාවට බර නිසා ඒ පැත්තටම බර වෙයි කියලයි ආරංචිය. ඒ ගැන දන්න නිසාම අර දෙන්නා කියනවලු මණ්ඩලය නම් ලැයිස්තුව සංශෝධනය කරලා තනතුරු තෝරමු කියලා. ඒ සංශෝධනයේදී මණ්ඩලේට පත් කරන්න ඔය දෙන්නම නම් යෝජනා කරන්න පටන් අරන් කියලත් ආරංචියි. හැබැයි මේ ප්‍රශ්නය නිසා ඡන්දයෙන් පස්සේ අලි පාටියේ ඒ දත් ඇති අය දුරකථනය පැත්තට ඉව අල්ලන බවත් ආරංචියි. දත් කිහිපයක් ගැලවිලා යයි කියලයි ආරංචිය.