2020 ජුලි 18 වන සෙනසුරාදා

අමුතු හීනයක්

 2020 ජුලි 18 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 555

අත පාටියෙන් ඇවිත් ඡන්දය ඉල්ලන කෙනෙක් වැඩිය ඒ ඡන්දයට සල්ලි වියදම් කරන්නේ නෑලු. ඇත්තම කිව්වොත් එයා ඒකයි මහන්සි නොවෙන්නේ. එයා දන්නවලු චාන්ස් එකක් නැහැ කියලා. හැබැයි එයාගේ ළඟ ඉන්න කට්‍ටිය දන්නවලු එයාගේ හිතේ තියන ලොකුම ඡන්දය වෙන ඡන්දයක් කියල. ඉතින් එයා ඒකට තමයිලු ලෑස්තිය.

ක්‍රිකට්වලට පුදුම ආසාවක් තියෙන නිසා මෙයා ලෑස්ති වෙන්නේ අනාගතයේ එන ක්‍රිකට් ඡන්දයකටලු. ඒ නිසා මෙයා මේ දවස්වල අතේ නායකයෝ අමතක කරලා රටේ මහ තැනයි දෙවැනියයි එක්ක හරි හරියට කතාබහලු. ආරංචිය නම් ඔය ඇතුළේ කසුකුසුත් එයා කියනවා කියලයි. ඒ හරහා ඇයි හොඳයිය දියුණු කරගෙන ක්‍රිකට් ඡන්දයට එන්නලු හදන්නේ රටේ ලොකු තැනගෙත් ආශිර්වාදය අරන්. හැබැයි ඒකට නීතිමය පොල්ලක් තියෙනවා. ඉහළ සම්බන්ධකම් පාවිච්චි කරල ඒකෙන් රිංගන්න පුළුවන් කියලලු එයාගෙ විශ්වාසය.

හැබැයි එයා දන්නේ නෑලු රටේ ලොකු තැන දෙවැනි තැන වගේම පවුලේ අය කවදාවත් එයාට ක්‍රිකට් පැත්ත බලන්නවත් දෙන්න ඉඩක් තියන්නේ නෑ කියලා. ඒත් එයා එයාගේ හීනේ හැමෝ එක්කම කියනවලු.