2020 ජුලි 11 වන සෙනසුරාදා

රට පැටවිල්ලක්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 621

යහපාලනයේ හිටපු ප්‍රබල ජ්‍යෙෂ්ඨ උස මහත ඇමැති කෙනෙක්ගේ මිනිස් ජාවාරමක් ගැන දැන් පරීක්ෂණයක් යනවා.... පිටරටවල්වල ඔය නොයෙක් සංදර්ශන ප්‍රදර්ශන සංවිධානය කරන බව කියමින් මිනිසුන් නීති විරෝධී ලෙස රට පටවලා තියෙන්නේ මුන්නැහේගේ ලේකම් සයිස් දෙතුන්දෙනෙක්. එක් කෙනෙකුගෙන් ලස්ස විස්ස තිහ අරගෙනලු මේ ජරමරය කරලා තිබෙන්නේ...

ලෝකෙ පුරා රට ප්‍රසිද්ධ කිරීමේ වැඩ භාරවෙලා තිබෙන ආණ්ඩුවේ මණ්ඩලයක් හරහා තමයි මේ කටයුත්ත කරලා තිබෙන්නේ...

මේ වැඩේට සම්බන්ධ බව කියන දේශපාලන ලේකම්වරු සියල්ල කළේ තමන්ගේ ලොක්කගේ අණසක යටතේ කියලත් ආරංචියි.

කොහොමහරි දැන් වැඩේ ටිකක් පත්තු වෙලා මෙයින් ලේකම් සයිස් කාන්තාවෝ දෙන්නෙක් සිරභාරයටත් ගත්තලු.

ඒත් කතාවට වැඩි ප්‍රසිද්ධියක් ලැබුණේ නැහැ. ඒකට හේතුව යහපාලනය යටතේ මේ ජාවාරමට සම්බන්ධ වුණු අය නව පාලනය යටතේත් මෙකී මණ්ඩලේ ඉහළ තැන්වල වැජඹීමලු...

කොහොම නමුත් මේ වැඩේ කෙළවර ඉන්නවය කියන දේශපාලුතුමා දැන් ඉන්නේ ගල්ගිල්ලා වගෙයි.

කතා කරන්නේ නැතිලු. කට අරින්නේ බත් කන්න විතරක් කියලලු කියන්නේ.

මේ දේශපාලුතුමා කොළඹට කිට්ටු ආසනේකින් පත්වුණ කෙනෙක්. වයස ගියාට කොල්ලො කරන වැඩවලටත් ප්‍රසිද්ධ පොරක්...

 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00