2020 ජුලි 11 වන සෙනසුරාදා

පුස්කන පෝස්ටර්

 2020 ජුලි 11 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 455

ඡන්දය තියනවා කියලා මුලදිම කිව්ව ගමන් සමහර අපේක්ෂකයෝ කැම්පේන් පටන් අරන් වැඩේට බැස්ස. අංක නැති වුණත් පබ්ලිසිටි දෙන එක තමයි එයාලගේ අරමුණ වුණේ.

කොහොමහරි මේ කියන්න යන්නේ මේ වෙනකොට අලි අමාරුවක වැටිලා ඉන්න මුද්‍රණාල කස්ටියයි අපේක්ෂක කස්ටියයි ගැන කතාවක්. සමහර අපේක්ෂකයෝ තමන්ගේ රූපේ දාලා ලකුණ දාලා අංක දෙන්නත් කලින් පෝස්ටර් කටවුට් ලක්ෂ ගණන් ගහගෙනලු හිටියේ. වැඩේ කියන්නේ දැන් ඡන්ද කොමිසමෙන් කිසිම පෝස්ටරයක් කටවුට් එකක් ගහන්න දෙන්නේ නෑලු. ගැහුවොත් නඩු නිසා අපේක්ෂකයෝ ඒ තීන්දුව අකුරටම රකිනවා.

හැබැයි මෙයාලා ඕඩර් දීලා පොස්ටර් ගහගත්ත ප්‍රෙස්වල මිනිස්සු ඒ නිසා අනාත වෙලාලු. එයාල පෝස්ටර් කඳුගහලා ඒවා ඇතුළේ. කවුරුත් එන්නේ නෑලු ගෙනියන්න. කතා කළාමත් කියනවලු බලන්නකෝ මේ පෝස්ටර් ගහන්න දෙන්නේ නෑනේ. හදිසියක් නෑ පස්සේ ගමු කියලා.