2020 ජුලි 04 වන සෙනසුරාදා

බාර් එකේම සැතපුණාලු

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 565

පසුගිය දවසක උඩරට පළාතේ තරු හෝටලේක බාර් එකකදි ඇඟ රත්කරගන්න ගිය ඇමැති සයිස් තුන්දෙනකුගෙන් එක්කෙනකුට පදම වැඩි වෙලා බාර් එකේම සැතපිලා හිටියලු...

මේ සැතපීමට කලින් එකම පළාතේ ඡන්දෙ ඉල්ලන දේශපාලන සගයෝ තුන්දෙනා ජයට ඇඟ රත් කරගනිමින් පොඩි වාදෙකට පැටලිලා බහින්බස් වුණ බවයි ආරංචි...

ඊටපස්සේ වාද කරගත්ත තුන්දෙනාගෙන් එකම පවුලකට සම්බන්ධ දෙන්නෙක් එතනින් පිටවෙලා ගියා. ඒ දෙන්නා රටේ ඉහළම තනතුරක් දැරෑ ගම්පොල පැත්තේ කෙනෙක්ගේ පවුලෙ අයලු...

කොහොමහරි මේ දෙන්නා පිටවෙලා යද්දි තරැ හෝටලේ කස්ටිය ආයෙම කතා කරලා කිව්වේ බාර් එකේ හිටපු එයාලගේ දේශපාලන සගයට නැගිටගන්න බැරැව බිම සැතපුණා කියලලු...

ඊටපස්සේ අර දෙන්නා හිතේ කහට අමතක කරලා ආපසු ඇවිත් මෙයාව උස්සගන්න බැලුවට වැඩේ හරිගියේ නැහැ.

ඊටපස්සේ ඒ දෙන්නා ආයෙමත් ගන්න ගියා... ඊට ටික වෙලාවකට පස්සේ බාර් එකේ සැතපිලා හිටිය උන්නැහේට සිහිය ආවම උන්නැහේ එතන තවත් පොඩි නාට්‍යයක් කරලා වැනි වැනි පිටවෙලා ගියාලු..

මේ කතාව පොහොට්ටුවේ ඉහළ තැන්වලටත් වාර්තා වුණා... මේ ඡන්දේ කාලේ ප්‍රසිද්ධ බාර් එකක සිද්ධවුණ මේ දේ ගැන ඒ තුන්දෙනාටම ලොකු පෝරියල් එකක් හම්බුණ බවත් ආරංචියි.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00