2020 ජුලි 04 වන සෙනසුරාදා

මනාපෙට අලුත් අලුත් පුද පූජා...

 2020 ජුලි 04 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 467

ඡන්දෙ නිසා ඇවිලීගෙන යන දේශපාලන පොරයෙන් ගොඩ යන එක ලේසිපහසු වැඩක් නෙවෙයි... ඒකට පළාතක් පක්ෂයක් නැහැ. දකුණෙ මාතරත් උතුරේ යාපනෙත් මනාප සටන නිසා දේශපාලනේ ගිනියම් වෙලා තියෙන්නේ..

ඒ නිසා තමන්ගේ ගොඩට මනාප එකතු කරගන්න ඡන්දේ කරන කස්ටිය නොයෙක් නොයෙක් ජරමර කරන්න පටන් අරන්.. ඔන්න එයින් නවතම මනාප ඇම උතුරේ ක්‍රියාත්මක කරලය කියලයි ආරංචි...

මේ දවස්වල කොරෝනා නිසා හැමෝටම ෆේස්මාස්ක් (මුහුණු ආවරණ) පළඳින එක අනිවාර්යය කරලා.. ඒ නීතිය මනාප සෙල්ලම සඳහා උපයෝගී කරගන්න ප්‍රධාන පෙළේ අපේක්ෂකයෙක් උතුරේ ඉන්නවා මෙයා දියවන්නා කවුන්සිලේට රිංගන සටනට ඇන්ටර් වෙලා ඉන්න මැති ඇමැති මහ ඇමැති සයිස් පොරක්...

උන්නැහේ කරලා තියෙන්නේ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව සඳහා නොමිලේ මුහුණු ආවරණ සැපයීම... හැබැයි මේ සෑම මුහුණු ආවරණයකම උන්නැහේගේ මුහුණයි මනාප අංකයයි කතිරයකුයි සඳහන් කරලා තිබෙනවා.

ඉතින් මේ අපූරැ ප්‍රචාරක උපක්‍රමේ උතුරේ ජනයා අතරේ කතාබහට ලක්වෙච්ච දෙයක්ලු. හැබැයි මෙහෙම බෙදන මුහුණු ආවරණ මනාප බවට පත්වේද කියන කාරණාව දැන්ම කියන්න නම් අමාරැයි.