2020 ජුනි 27 වන සෙනසුරාදා

ලීක් වුණු වීඩියෝව

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1323

මේ දවස්වල රටේ ආන්දෝලනාත්මක පුවත් මවන හිටපු ඇමැති සයිස් මහත්තයෙක් ඉන්නවා. උන්නැහේ දැන් ඉන්නේ සජී තුමා එක්ක වුණත් යහපාලන කාලේ අලි පාටියේ පොරක්... මෙයා නියෝජනේ කළේ හූව පළාත වුණත් මේ පාර ඉන්නේ ලැයිස්තුවෙලු...

කොහොම නමුත් මුන්නැහේ සහ මුන්නැහේගේ නව බිරිඳ ඉන්න වීඩියෝවක් පසුගිය කාලේ සමාජ මාධ්‍යවල සැරට ප්‍රචාරය වුණා. ඒ වීඩියෝව කුඩා වුණත් ඒකේ තිබුණ සැර කතාබහ නිසා වැඩේ උණු කැවුම් වගේ ජනතාව අතරට ගියා....

හැබැයි මේ වීඩියෝව තිබුණේ අපි ඔය කියන හිටපු ඇමැති සයිස් මහත්තයගේ ෆෝන් එකේ. එහෙම තිබුණ වීඩියෝව ලීක් වුණේ කොහොමද කියන එකයි එයාට තිබුණ ලොකුම ප්‍රශ්නය...

අන්තිමේ උන්නැහේ වගේම මේ ගැන උනන්දු වන කවුරුත් වීඩියෝව ලීක් වුණ හැටි සොයන්න ගත්තා.. එතකොට වාර්තා වුණේ ලන්ඩන් පැත්තෙන් මේක ප්‍රචාරය වුණ බවයි. ඒ පාර හැමෝම හෙව්වා කොහොමද මේ අමුතු වීඩියෝව ලන්ඩනයට ගියේ කියලා...

එතකොටයි දැනගත්තේ මේකට සම්බන්ධ හිටපු ඇමැති තැන වෙනත් වීඩියෝ මැසේජ් වගයක් ලන්ඩන් ගෘෘප් එකකට යවද්දි බැරිවීමකින් මේ වීඩියෝවත් එතනට ගිය වග.

දැන් වැඩේ පත්තු වෙලා ඉවරයි. මේ වීඩියෝවේ තිබෙන කතාව නිසා හිටපු ඇමැති තැන ලොකු පඹ ගාලක පැටලිලාලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 පෙබරවාරි 24 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00