2020 ජුනි 27 වන සෙනසුරාදා

මැංගිට දුක කියයි

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 508

විශ්‍රාම ගිය මැංගි විශ්‍රාමයෙන් හිටියට එක එක වැඩලු. එයයි එයාගේ කට්ටියටයි. දවස ගානේ අලිපාටියේ, දුරකථනයේ කෝල් එකින් එක එනවලු. එන්නේ අයිඩියා ගන්නලු. දේශපාලන මාර්කටින් අයිඩියා.

ඉතිං මේ දවස්වල උපදේශක සභාවේ ඉඳලා හැමෝටම උපදෙස් දෙනවලු. වැඩියෙන්ම කෝල් එනවා කියන්නේ අලිපාටියෙන්. මේ අතර දුක කියන කෝලුත් එනවලු. පක්ෂයේ අය කපනවා ලොක්කට කියන්න, අරයට කියන්න මෙයාට කියන්න කියලා. ඒවත් අහන් ඉන්නවලු. කොහොම වුණත් මැංගිතුමාගේ දුරකථනයට නිවනක් ඇත්තෙම නෑ කියලයි ආරංචිය. එයා මොනම විදිහටවත් ආයෙම කවුන්සිලේට එන්නෙම නැහැ කියලයි කියන්නේ. ඒ වුණත් අලි පාටියේ ඉහළම කස්ටියක් මැංගිතුමා ලැයිස්තුවෙන් හරි ගන්න ට්‍රයි එකක් දෙන බවත් ආරංචියි.