2020 ජුනි 27 වන සෙනසුරාදා

උපදේශකට විරෝධයක්

 2020 ජුනි 27 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 512

දුරකථනය පාටියේ මහතැන වෙන වෙන අයගේ කීම්වලට යටත් වෙලා කියලා ඇතුළේ කසුකුසුලු. ආ‍ර්ථිකය ගැන දන්න සුදු ඇඳගත්ත මේ පාර ඡන්දය ඉල්ලන්නේ නැති ලැයිස්තුවේ කෙනෙක් මෙයාට උපදෙස් වගයක් දීගෙන යනවලු. මහතැන දැන් ගොඩක් වැඩ කරන්නේ ඒ අනුවලු.

මේක බලන් ඉන්න බැරි තැන ගොඩක් අය මේ දීගේ නවත්තන්න හැදුවත් හරි යන්නෙත් නෑලු. ඇතුළේ කතා වෙන්නේ මේ උපදේශකතුමා පක්ෂයේ ලොක්කා කනපිට හරවලා වෙනම පැත්තකට මාරු කර ගනී කියලා. මේ ගැන හැමෝම ටිකක් අවුලෙන් ඉන්න නිසා දීගේ කඩන්න ගොඩක් වැඩ කරනවලු. බෞද්ධකමට තැන දෙන මේ ලොකුතැන වෙනස් වෙන්න ගියොත් පක්ෂයත් නැති වෙයි කියලා හිතන සමහර අය මේක නවත්තන්න තොවිල් පවිල් පවා කරන්න ලෑස්තියෙන්ලු ඉන්නේ දැන්. මොකද අර හාදයා ලොක්කා එක්ක ඉන්නකොට වෙන කාටවත් මුණගැහෙන්නවත් බැරි තැනකටම වැඩේ පත්තු වෙලා කියලයි ආරංචිය තියෙන්නේ. මෙයා නිකන් නෙමෙයිලු එන්නෙත් අමුතු උපදෙස්කාරයෝ ටිකකුත් එක්කලු.