2020 ජුනි 06 වන සෙනසුරාදා

කට වැරදිලා

 2020 ජුනි 06 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 455

රජරට පළාතෙ වී අස්වැන්න විකුණන්න යන ගොවි මහත්තරු ඒ පළාතෙ එක්තරා දේශපාලුතුමෙකුට සැරට බණින්න පටන් අරන්ලු.... ඒකට හේතුව මේ ආණ්ඩුවෙ එක්තරා ඉහළ ඇමැති සයිස් පට්ටමක් දැරූ මුන්නැහේ හාල් මිල ගණන් ඉහළ දැමීමට විරුද්ධව ප්‍රසිද්ධියේ කතා කිරීමලු....

මෙයාගෙ ඝෝෂාව නොතිබුණා නම් මීටත් වඩා ගණනකින් හාල් මිල ඉහළ යන බවත් ඒකට ගැලපෙන විදියට වී මිලත් ඉහළ යන්න ඉඩ තිබුණ බවත් තමයි ගොවි මහත්තුරුන්ගෙ මතේ...

මේ හුටපට නිසා රජරට ගොවීන් බහුල දිස්තිරික්කෙකින් කවුන්සිලේට පත්වුණ මුන්නැහේ එක්ක ගොවියො කඩකාරයො මෝල්කාරයො සේරම තරහවෙලා ඕසෙට බනින්න පටන් අරන්ලු....

මේ දේශපාලුතුමා ආණ්ඩුව නියෝජනේ කරන කෙනෙක්. උන්නැහේ වී මිල නග්ගනවට විරුද්ධ වුණේ පාරිභෝගික කස්ටිය ගැන හිතලය කියලයි එයා නිදහසට කරුණු හැටියට කියන්නෙ... ඒත් රජරට පළාතෙ හාල් පාරිභෝගික කස්ටියට වඩා වී විකුණන කස්ටිය වැඩි නිසා දේශපාලුතුමාගෙ කතාව බැක්ෆයර් වෙච්ච බවයි පේන්නෙ...

වැඩිපුර කතා කරන ගෝරියටත් බර සිංහ යෙක් වගේ හැසිරෙන මුන්නැහේ රජරටින් ඡන්දෙට එන හිටපු ලොකු තැන එක්කත් වලිදාගත්ත පොරක්...

කොහොම හරි එයාගෙ මේ හාල් කතාව නිසා ලැබෙන්න තිබුණ මනාප ගොඩේ බර අඩුවෙන්න පුළුවන් බවයි තතු දත් අය කියන්නෙ.