2020 මැයි 16 වන සෙනසුරාදා

පක්ෂ දේශපාලනේට එහා ගිය වැඩක්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 759

අපේ රටේ දැනට කෙරෙන කොළපාට, නිල්පාට, කුරහන් පාට දේශපාලනේ හරිම විරසකයි... හුඟක් අවස්ථාවල තමුන්ට බලේ තියෙනකොට අනිත් පක්ෂවල මිනිස්සු දෙකේ කොළේට දාලා වැඩ කිරීම ප්‍රසිද්ධ කරැණක්. හැබැයි අපි මේ කියන කතාව ඊට වඩා වෙනස් එකක්....

මේ කතාවේ කතානායකයා අලි පාටියෙ රනිල්තුමාගෙ ඉහළම උපදේශකකමක් කරපු මහාචාර්ය කෙනෙක්. ඒ වගේම ප්‍රබල රටක තානාපතිකමකුත් කළා. උන්නැහේ ඒ රස්සාවලින් ඉවත්වෙලා ලංකාවට ආවෙ පසුගිය කාලෙ... ඒත් ආවට පස්සෙ එයා බරපතළ විදියට අසනීප වුණා. මේ මහාචාර්යතුමාගෙ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සඳහා දරැවන් සහ බිරිඳ පිටරටකයි නැවතිලා ඉන්නෙ...

ඉතින් තදබල ලෙස රෝගාතුර වුණු මෙතුමාට තමන්ගෙ බිරිඳ සහ දරැවන් මේ රටට වහාම ගෙන්වගන්න ඕනවුණා කියමුකො.

කොරෝනා නිසා ගුවන්තොටුපොළවල් වහල ගුවන් යානා යන්නෙ නැහැ. ඒත් උන්නැහේ උන්නැහේගෙ ඉල්ලීම බොහොම අමාරුවෙන් රටේ ලොකු මහත්තයට දැන්නුවා. රටේ ලොකු මහත්තයා එයා කව්ද කියලා හොයලා බැලුවම විපක්ෂයෙ ප්‍රබල බලකණුවක් බව දැනගන්න ලැබුණා. ඊටපස්සෙ උන්නැහේ කළේ මොකක්ද... මේ මහාචාර්යතුමාගෙ නෝනා ඉන්න රටට යන ගුවන් යානා හොයල බැලුව. දැන්නම් මගී ගුවන් යානා යන්නෙ නැහැ. යන්නෙ බඩු ගේන (කාගෝ) ප්ලේන් විතරයි කියල ගුවන් බලධාරියො එතුමාට කිව්වා. ඊටපස්සෙ රටේ ලොකු මහත්තය කිව්වෙ ඒ රටෙන් එන කාගෝ ප්ලේන් එකක හරි සීට් දෙක තුනක් වෙන්කරල මේ වැදගත් පුරවැසියාගෙ ඉල්ලීම වහාම ඉටුකරන්න කියලයි...

ඒ නියෝගය අනුව කටයුතු සූදානම් වෙද්දි ඒ නෝනා ඉන්න රටට සාමාන්‍ය මගී ගුවන් යානයක් යවන්න කටයුතු යෙදුණා. කොහොම හරි දවස් තුන හතරක් ඇතුළත අර විපක්ෂයෙ මහාචාර්යතුමාගෙ ඉල්ලීම රටේ ලොකු මහත්තය ඉටුකළා. ඒක පක්ෂ දේශපාලනය ඉක්මවා ගිය තීන්දුවක් බව අමුතුවෙන් කිවයුතු නැහැ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00