2020 මැයි 16 වන සෙනසුරාදා

මණ්ඩලේ කචල්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 592

උතුරු සන්ධානෙ මණ්ඩලේ කචල් එකක් පටන් අරන්ලු. ඒකට හේතුව සමහරු පාටියෙ, අනාගත නායකයා යැයි කියන තිරන් මන්තිරිතුමා පසුගිය දවස්වල කරපු ප්‍රකාශයක් දෙකක් කියල ආරංචියි.

ඔහු මාධ්‍ය හමුවකදී කොටි සංවිධානයත් එහි හිටපු නායක ප්‍රභාකරන් උන්නැහේත් විවේචනය කරමින් ඔවුන්ගේ ප්‍රතිපත්ති පිළි නොගන්නා බවත් උතුරේ අර්බුදයට සන්නද්ධ විසඳුම් නැති බවත් කිව්වා...

මේ ගැන සන්ධානය ඇතුළෙ ඉන්න නිර්මල මන්තිරිතුමා ඇතුළු පිරිසට මල පැනලලු...

එයාල තිරන් මන්තිරි තැනට ලොකු පෝරියල් එකක් දාල ඒ වගේම තිරන් උන්නැහේ දැනට දරන පක්ෂයෙ මාද්දිය ප්‍රකාශක ජොබ් එකෙනුත් දොට්ට දමන්න කියල නායකතුමාගෙන් ඉල්ලලලු.

තමන්ගෙ ජාතිය වෙනුවෙන් සටන් කරපු අයගෙ සටන හෑල්ලු කිරීමත් ඒ අයට ගරු නොකිරීමත් නිසාලු මේ ඉල්ලීම කළේ.

මේ ගැන විතරක් නෙවෙයි පාටිය ඇතුළෙ අනාගත නායකත්වයට තිබෙන සීතල යුද්ධයත් මේ එක්කම එළියට පැනලා තිබෙනවා...

කොහොම නමුත් තිරන් මන්තිරි තැන නම් කියන්නෙ තමන් සිය ප්‍රතිපත්ති වෙනස් කරන්නෙ නැහැ කියලලු. ඒ නිසා ගිය පාරටත් වඩා වැඩි ඡන්ද ගණනකින් තමන් ඡන්දෙ දිනන බවත් එයා කියනවලු...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00