2020 මැයි 16 වන සෙනසුරාදා

මනාපෙට පූජාවක්

 2020 මැයි 16 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 485

පසුගියදාක මේ රටේ ඉතාම ආන්දෝලනාත්මක දේසපාලුතුමෙක් වන්නි පැත්තෙ තියෙන ලොකුම පුණ්‍ය භූමියකට ගියා.... උන්නැහේ එතනට ගියේ ඒ පළාතෙ ඉන්න තවත් දේශපාලන චරිතයක් එක්කයි... අපි මේ කියන ආන්දෝලනාත්මක චරිතය යහපාලනේ හවුල්කාර පක්ෂයක ලොක්කෙක්. ඒ වගේම හිටපු ඇමැති සයිස් පොරක්. විල්පත්තුව කියනකොටම මුන්නැහේගෙ නම මතක් වෙනවා....

මුන්නැහේ මේ දවස්වල නම් ඉන්නෙ උණුවතුරට වැටිලයි... ඉතින් එදා සහ මේ පුණ්‍ය භූමියට ගියේ නිකම් නොවේ. ලොකු පිරිකරකුත් අරගෙන... ඒ පිරිකර නිල් මොණරු මිටි කියලයි තතු දත් අය නම් කියන්නෙ...

මේ පූජාවෙ අනුහසින් පළාතෙ මෙයාට නොලැබෙන දකුණෙ අයගෙ ඡන්ද ටිකත් තමන්ගෙ ඔඩොක්කුවට දාගන්නයි ට්‍රයි එක තිබෙන්නෙ. එහෙම කරන්න යන්නෙ දැනට ඒ පැත්තෙ ඉන්න හුඟ දෙනෙක් මෙයාට ඒ තරම් මනාප නැති නිසාලු... ඒ වගේම එයාට ඡන්දෙදි තරගයක් දෙන්න සටන් වදින දකුණෙන් ගිය පොරක් සීන් එකෙන් අයින් කිරීමත් තව අරමුණක් කියලා කියනවා.

දකුණෙන් ගිහින් පළාතෙ ජනතාවට සේවයක් කරල ඒ මිනිස්සුන්ගෙ දුකසැප බලන චරිතයක් ඡන්ද අපේක්ෂකයෙක් නිසා පුණ්‍ය භූමිය ඉන්න ප්‍රධානියා සතුටු කරල ඒ මාර්ගෙන් ග්‍රීස් ගහ නැගගන්නලු එයා සූදානම් වෙන්නෙ...

ඒ බව දැන් ටික ටික පළාතෙ ජනතාවත් දන්නවලු... ඒ නිසා මේ ආන්දෝලනාත්මක චරිතයට තියෙන ප්‍රසාදය දියවෙමින් යන බවයි ආරංචි...