2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

තානාපති නෝනගෙ ඇස් ලෙඩේ

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1684

රටේ සල්ලිවලින් යුරෝ දාස් ගණනක් වියදම් කරල තමන්ගෙ ඇහැට ප්‍රතිකාර ගත්ත තානාපති නෝන කෙනෙක් ඉන්නවලු...

මේ නෝන දැන් ඉන්නෙ ලෝකෙ බලවත්ම රටක තානාපති පුටුවෙ....

එයා මේ කෝටි ගණනක් වැයවූ ඇස් ප්‍රතිකාරෙ ගත්තෙ දැන් ඉන්න රටට එන්න කළින් හිටපු රටේදිලු... ඒකත් යුරෝපෙ ප්‍රබල රටක්....

එයාගෙ ඇහේ අමාරුවක් තිබෙන බව කියල ඒකට ප්‍රතිකාර ගන්න ඇමෙරිකාවට ගන්න ඕනය කියල අවසර ඉල්ලුවම කොළඹ හිටපු බලධාරියො ඒකට අවසරය සමඟ රටේ සල්ලිවලින් යුරෝ දහස් ගණනක් අනුමත කරලත් දීල....

ටික දවසකට පෙර සිද්ධ වෙච්ච මේ කතාව ඊයෙ පෙරේදා නැවතත් මතුවුණේ ඔය කියන කස්ටිය භාර අමාත්‍යංශෙ ඉහළ පෙළේ නිලමෙලාගෙ රැස්වීමකදිලු... ඒකට විෂය භාර දේශපාලන ලොක්කත් ඇවිත් ඉඳල...

මේ වැඩේ කරන්න අනුමැතිය දුන්න බලවත් නිලධාරිතුමත් එතන හිටියලු.

මේ කවුරුත් ඉස්සරහ තානාපති නෝනගෙ ඇස් ලෙඩේ කතාව ඇදිල ආවම වියදම් භාර ලොක්කා ලුණු ඇඹුල් ඇතිව කතාව සේරම එළියට දැම්ම... වගකිවයුත්තො නිහඬව අහන් හිටිය.... වැඩේ එතනින් කම්මුතුයි වගේ පේන්නෙ....