2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා

කොරෝනා බෙලි කැපිලි

 2020 අප්‍රේල් 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 1147

කොරෝනා වැඩේ අස්සෙ ආණ්ඩුවෙ කන්තෝරුවල බෙලි කපාගන්න ගේම් ගණනාවක්ම දියත්වෙලා කියලයි ආරංචි....

ඉහළම තනතුරු දරන සමහරු තමන් සම මට්ටමේ ඉන්න තවත් අය කොරෝනා වැඩෙන් ලකුණු දා ගන්න එකට විරුද්ධව හොරෙන් හොරෙන් බාල්දි පෙරළන්න පටන් අරන්. ඒවගේ එක්කෙනෙක් සවුක්කිය පැත්තෙ ඉන්නවය කියල ආරංචියි....

උන්නැහේලගෙ රාජකාරිය ලෙඩේ හොයාගන්න පරීස්සන පවත්වන එකලු.... ඒත් දැන් පරීස්සන කතා තියෙද්දි සවුක්කිය අංසෙ මහ ජනරාල්කමකට ඉව අල්ලන්න පටන් අරන් කියල කියනව... ඒක දැන් කරන අයට වඩා හොඳට කරන්න පුළුවන් තමන්ට බවත් තමන් ඉහළම පවුල්වල නෝනලාට මහත්තුරුන්ට සේවය කළ කෙනෙක් බවත් කියමින් උන්නැහේ තැනින් තැන ජයට කතා කරන බවයි ආරංචි.... ඒත් දැන් ඔය කියන ජනරාල්කම කරන උන්නැහේ තමන්ගෙ රාජකාරිය හොඳට අපූරුවට කරන නිසා මේ තනතුර වෙන කාටවත් නොපවරන්න ආණ්ඩුව තීන්දු කොරල.

ඒ වගේම කාකිසූට් දෙපාර්තමේන්තුවෙන් කොරෝනා ගැන ජනතාවට කතා කරන ජනප්‍රිය ප්‍රකාශයකට මින් ඉදිරියට කතාව තහනම්ලු...

ඉදිරි කාලෙ ඒ ගැන කතා කරන්න පුළුවන් නිල වශයෙන් ඉන්න කාකිසූට් ප්‍රකාශකට විතරයි කියල ඉහළින් නියෝගයක් ඇවිල්ලලු...

ඉතින් මේ කතා දෙකෙන්ම පේන්නෙ හොඳට තමන්ට පවරපු රාජකාරිය කරන අයගෙ කකුලෙන් අදින්න කකුල් මාට්ටු දාන්න රාජ්ජ සේවෙ ඉන්න සමහර ලොක්කො හොඳ කැප්ටන්ල බවයි....