2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

බෙහෙත් තියනව

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 1309

කොරෝනා උපන් රටෙන් මේ රටට විශේෂ නියෝජිත කස්ටියක් ආවෙ.. අත්උදව්වට ණය ආධාරත් තවත් ආධාර මල්ලකුත් අරගෙනලු...

බැරි අමාරු අවස්ථාවක මේ වගේ උදව්වක් කරන්න ආපු පිටරට මිත්‍රයො පිළිගන්න වගේම ඒ ගොල්ලන්ට ස්තූති කරන්න ඊයේ පෙරේදා පොඩි උත්සවයක් සංවිධානය කරලා තිබ්බේ රටේ දෙවැනි මහත්තයගෙ කන්තෝරැවෙ මහත්තුරු කස්ටියක්.
ඒකෙ ප්‍රධාන ආරාධිතයා හැටියට දෙවැනි මහත්තයටත් ආරාධනා කරල තිබ්බලු..

ලෝකෙ හුඟාක් රටවල රාජ්‍ය නායක මට්ටමේ කස්ටිය දැන් පිටරට අමුත්තො හමුවෙන්නෙ නැහැ. ඒකට හේතුව එහෙම හමුවූ ලොකු ලොක්කො ගණනාවකටම මේ ව්‍යාධිය බෝවෙච්ච හින්දයි. ඒ උපදෙසම අපේ රටේ දෙවැනි මහත්තයටත් ලැබුණ. ඒ අනුව එතුමා නැතුව උත්සවේ කරන්නැයි සංවිධායක මණ්ඩලේ වැඩ සැට් කළේ.

ඒ අනුව අනතුරුදායක මොහොතක විදේශ අමුත්තො පිළිගැනීමට රටේ දෙවැනි මහත්තය අවශ්‍ය නැති බව කිව්වම උන්නැහේ දුන්නෙ අපූරු උත්තරයක්ලු...
“නෑ.. නෑ.. බය වෙන්න එපා මම ඕකට එනවා.. පෙරැම්කායම් බැඳගත්තම සියලු රෝග නිවාරණයි... එහෙම කියපු දෙවැනි මහත්තය කිව්ව විදියට ඒ චාම් උත්සවේට ආවා.

 

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00