2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා

අමුතු කෝල්

 2020 මාර්තු 26 වන බ්‍රහස්පතින්දා, ප.ව. 06:30 803

දුරකතනයෙන් තරග කරන අයට මේ දවස්වල කෝල් එකක් එනවලු. ඒත් කොළඹ පැත්තේ දුරකතනයකින්.

“හලෝ"
“අයිසේ මම කරුණාවට බර ඔබේ නායක"

“ඔව් සර්"

 “මේ විකාර වැඩ නොකර එනවා අපේ අලියගෙන් ඉල්ලන්න. ඕකට දිනන්න බෑ. අන්තිමට පුංචි දාසත් පැරදුණාම හැරෙන්නේ අපේ පැත්තට"
එහෙම කිය කිය තෙලක් බෙදනවලු. කියලා තියන්න කලින් "අද හවසට එනවා අපේ ගෙවල් පැත්තේ"

ඉතින් එයා යනකොට දුරකතනයෙම කෙනෙක් ඒ ගෙදරින් යනවලු. එහෙම ගියාම කරුණාවට බර නායක කියනවලු "දැක්කද ඔය එන්නේ ආයෙම අපේ පැත්තට. ඔයත් එනවා මේ පිස්සු වැඩ නොකර"
ඔළුව අලකලංචි කරලා අලි පාටියට කට්ටිය අදින්නේ මෙහෙමලු. ගොඩක් ඔය කට්ටිය පළාත් සභාවේ අය කියලයි ආරංචිය.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00