2020 මාර්තු 14 වන සෙනසුරාදා

නාමයෝජනා නැහැල්ලු

 2020 මාර්තු 14 වන සෙනසුරාදා, ප.ව. 12:30 1060

රටේ ලොකුම පවුලක දැනට ආරක්ෂක අංශෙ රස්සාවක් කරන තරුණයෙක් ඌව පැත්තෙන් ඡන්ද පිටියට බහින්න යනවය කියලා ලොකු කතාවක් ගියා.

මේක ගැන සොයලා බැලූ අයට දැනගන්න ලැබුණෙ තමන්ගෙ පවුලට සම්බන්ධ තුන් හතර දෙනෙක්ම ආණ්ඩුවෙ ඉහළම තනතුරු දරන නිසා මෙයාටත් ඡන්දෙට ඇවිල්ලා දියවන්නාවට යන්න ආරාධනා ලැබුණු බවයි.

ඌවෙන් ඡන්දෙට එන බව කිව්වත් මුලින්ම මෙයාට ඡන්ද කොරන්න ආරාධනා ලැබුණෙ මිණිපුරේ ඈත දුෂ්කර කොළොන්න පැත්තෙන් කියලයි තතු දත් අය කියන්නෙ... 

කොහොම නමුත් ඌව පැත්තෙන් මෙයා කවුන්සිලේට එන්න හදනවය කියන කතාව ගියාම ඒ පළාතෙ ඉන්න පොහොට්ටු ලොක්කො සෑහෙන්න කලබොල වෙලා නොයෙක් නොයෙක් ජරමර කරන්නත් පටන්ගත්ත වග කොළඹට වාර්තා වුණා...

අන්තිමේදි මේ ප්‍රශ්නය රටේ ප්‍රශ්නයක් වෙන්න ඉඩ නොදී තමන්ගෙ පවුල ඇතුළෙම විසඳගන්න පවුලටත් රටටත් ආණ්ඩුවටත් සම්බන්ධ මහ දෙතුන් දෙනා තීන්දු කළාලු... ඊටපස්සෙ මේගොල්ලො කස්ටියම රැස්වෙලා ප්‍රශ්නය ගැන කතා කරලා අන්තිම තීන්දුවක් ගත්තා. හැබැයි තවමත් ඒක රට දන්නෙ නැහැ... ඒ තීන්දුවෙන් කියවුණේ ඔය කියන තරුණයට මේ ඡන්දෙට නාමයෝජනා නොදෙන්නයි. ඉන්න කස්ටිය ඇති නිසා තව තවත් තමන්ගෙ උදවිය අනවශ්‍ය බවටත් එයාල තීන්දු කරලලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00