2020 මාර්තු 06 වන සිකුරාදා

බෙල්ල තියනවා

 2020 මාර්තු 06 වන සිකුරාදා, ප.ව. 08:18 644


පොහොට්ටුවෙ ලොකු මහත්තයා ලොකු උත්සවේකට පුලතිසිපුරේ පැත්තෙ ගියා...

උන්නැහේ එහේ ගියේ මෛත්‍රීතුමා පක්ෂය දාල ගියාට පස්සෙත් පුලතිසිපුරේ තමන් එක්ක හිටපු ජනතාවට ගෞරව කරන්න. ඒ උත්සවේදී තමන් ඉදිරි අවුරැදු පහේ දී කරන්න යන වැඩ ගැන සැලසුමකුත් පළාතෙ තරුණ මන්තිරි තැන හදලා තිබුණා...

ඒ වැඩ කටයුතු උජාරුවට කෙරුණත් එදා තවත් විශේෂ වැඩක් පුලතිසිපුරේ සංවිධානය කරල තිබුණ බව දන්නෙ ටික දෙනයි. ඒක සංවිධානෙ කරල තිබ්බෙ මෛත්‍රීතුමා උන්නැහේගෙ කන්තෝරුවෙ. ඉතින් රටේ දෙවැනිය පුලතිසිපුරේට එන බව දැනගත්ත මෛත්‍රීතුමා තමන්ගෙ කන්තෝරැවටත් ගොඩවැදිලා තේ එක්ක කාරිය බීල එතෙන්දි තමන්ට සහයෝගය පළ කරන්න කියලා රටේ දෙවැනියාගෙන් ඉල්ලීමක් කළාලු...

පොහොට්ටු - අත පාටි සන්ධානෙ සභාපති ද වන මෛත්‍රීතුමාගෙ ඉල්ලීමත් පිළිගත් රටේ දෙවැනිය ඔන්න එතෙන්ටත් යන්නයි සැරසුණේ...

ඒ බව දැනගත්ත පුලතිසිපුරේ පොහොට්ටු තරැණ මන්ත්‍රී තැන එයාගෙ නෝනත් එක්ක ඇවිල්ලා රටේ දෙවැනි මහත්තයා හම්බවෙලා හඬමින් දොඬමින් මේ ගමන නම් යන්න එපා කිව්වලු...

බැරි වෙලාවත් මෛත්‍රී උන්නැහේගෙ කන්තෝරැවට යන්න හැදුවොත් තමන් දෙවැනි මහත්තයගෙ වාහනේ ටයර් එකට බෙල්ල තියල මැරෙනවය කියල පොහොට්ටු මන්තිරි නෝනා පෝරියර් එකක් දැම්මා.. එතන හිටපු ජනතාවත් ඒ වගේම කතා කිව්වා.. ඒකට සවන් දීපු රටේ දෙවැනිය මෛත්‍රී උන්නැහේ හමුවෙන්න පසුව එන බලාපොරොත්තු ඇතිව කොළඹ ආවා...