2020 මාර්තු 07 වන සෙනසුරාදා

දුරදිග ගිය වැඩක්

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 08:15 963

රජරට පළාතෙ ආණ්ඩුවෙ දෙපාර්තමේන්තුවකට අයිති ඉඩමක් බලෙන් අල්ලගෙන ඉන්න දේශපාලන හිතවතියක් ඉන්නවලු...

මේ හිතවතිය පූර්ණ චන්ද්‍රයා වටේ කැරකෙන තාරකාවක් වගේ ආකර්ශනීය කෙනෙක්ලු... එයා දේශපාලනේ තාරකාවක් වෙච්ච නිසා චන්ද්‍රයාගේ ආලෝකයෙන් බැබළෙන කෙනෙක් කියලයි ආරංචි.

ඉතින් කොහොමහරි මහා නගරයක් මැද තියෙන රජයට අයිති කෝටි ගණනක් වටින ඉඩමක් බලෙන් මාට්ටු කරගෙන ඉන්නවය කියල පළාතෙම අය කියන මෙයාගෙන් ඉඩම බේරගන්න පළාතෙ ඉඩම අයිති දෙපාර්තමේන්තු ලොක්කා අවංක උත්සාහයක් දැරුවා...

අන්තිමට ඒ කතාව කෙළවර වුණේ පැට්‍රෝල් බෝම්බෙකින් කියල ඔය දෙපාර්තමේන්තුවෙම ‘වුර්තීය’ සංගම් කස්ටිය කියනවා...

ඒක දුරදිග ගිය දේශපාලන වැඩක්. දේශපාලන ප්‍රේමයෙන් සන්නද්ධ වෙලා ඉන්න බලවතෙක් මේ කතන්දරේ පිටුපස්සෙ ඉන්නවය කියල වුර්තීය සංගම් කස්ටියටත් මල පැනලා ඉන්නෙ... මේ හුටපටේ ගැන ආණ්ඩුවෙ ඉහළම තැනටත් වාර්තා වෙලා... ඒකට ගෑවිලා ඉන්නවය කියන පළාතෙ ප්‍රබලය සති දෙකක් තුළ අනාගත්ත තුන්වැනි අනාගැනිල්ල කියලයි එතන කතාවෙලා තියෙන්නෙ...

කොහොමහරි ඊළඟ පාර මණ්ඩලේ තෝරනකොට මෑන්ට ටිකට් එක ඇදෙන තරමට වැඩේ සීරියස්ලු...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00