2020 මාර්තු 07 වන සෙනසුරාදා

සමුගන්න හේතුව

 2020 මාර්තු 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 1091

අලි පාටියෙ නියෝජනේ කරමින් ඈත ඌවෙ කුංච නාද කරපු තරුණ අලියෙක් මෙදා පාර තමන්ගෙ සුපුරුදු පළාතට ආයුබෝවන් කියනවලු...
උන්නැහේ තමන්ගෙ උපන් ගම් පළාත වන ‘පංගහ’ පැත්තෙන් ඡන්දෙට එන්න හැදුවත් ඒක හබක් වුණේ ඉල්ලන්න ආසනයක් නැති නිසාලු...

කොහොම නමුත් දැන් එයා අලි පාටියෙන් එළියට ඇවිත් සජී තුමාගෙ සන්ධානෙ වැඩ කොටසකට සැට්වෙලා ඉන්නෙ ජාතික ලැයිස්තුවෙන් කවුන්සිලේට යන්න බලාගෙනලු...

ඉතින් යහපාලනේ ගේන්න 2015 දි වෙඩිමුර පත්තු කළ ඌව පැත්තෙ දේශපාලුතුමා තමන්ගෙ පළාතෙන් සමු අරන් සජී තුමාගෙ ජාතික ලැයිස්තුවට ඇන්ටර් වුණේ මොකද කියල විපරම් කරනකොට අහන්න ලැබුණෙ ඒකට හේතුව දුරදිග ගිය පවුල් ප්‍රශ්නයක් කියලයි...

මේ පවුල් ප්‍රශ්නය නිසා ඌවෙ දේශපාලනේ අවුල් වේගෙන එනකොට ඒ සේරෝගෙන්ම සමු අරන් උන්නැහේ කොළඹට සම්ප්‍රාප්ත වුණා. දැන් උන්නැහේ තමන්ගෙ ජීවිතේ අලුත් පරිච්ඡේදයකුත් පෙරළගෙන අලුත් නවාතැනකට සෙට්වෙන්නලු යන්නෙ... ‘මල්’ වගේ අනාගතයක් අපේක්ෂාවෙන් එහෙම කරනවය කියලත් සමහරැ කියනවා.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00