2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

අල වෙච්ච වැඩක්!

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 614

පසුගිය ආණ්ඩුව කාලේ ආණ්ඩුවට ගාඩ් එක ලබාදෙන්න වැඩකරපු ප්‍රධාන පෙළේ ව්‍යාපාරයක් තිබුණ...

ඒ ව්‍යාපාරෙ අයිතිව තිබුණ කෙනා සේනාවකටවත් බය නැති හොඳ ධනපතියෙක්ලු. මහින්ද පාලනේ පෙරළිලා යහපාලනේ ආවම මේ තැනැත්තටත් ප්‍රශ්න පිට ප්‍රශ්න ආව. අන්තිමේ එයාට වැලිකඩ ලගින්නත් සිද්ධවුණා...

කොහොම හරි එයාට ප්‍රශ්න ඇතිවෙලා තත්ත්වය බරපතළ වෙනකොට එයා එදා මේ ජරමරවලින් ගැලවෙන්න පාරක් හෙව්වලු....

උදව්වට ආවෙ මේ රටේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෙක් සහ සූත්තරපුංචෙක් වගේ ඉන්න දක්ෂිණ ලංකාවෙ දේශපාලුතුමෙක්. එයා ඒ ආණ්ඩුවෙ ප්‍රබල චරිතයක්...

අපි මුලින් කියූ ව්‍යාපාරිකයා පැවති ආණ්ඩුවෙ ඉහළම පවුලකට සම්බන්ධ කෙනෙක්ලු. කොහොම හරි මේ ව්‍යාපාරිකයත් අර දේශපාලුතුමත් ප්‍රශ්නය සමථයකට පත්කරල දෙන පොරොන්දුව පිට ව්‍යාපාරිකයාට ලොකු ගණනක් නියම කළා.

එයා දැන් කියන්නෙ ඒක එක්තරා විදිහක කප්පමක් කියලයි. කෝටි පහ දහය වගේ ගණන් තමයිලු ඒ දෙන්න නියම කළේ.... හැබැයි මේ ව්‍යාපාරිකය ඒ ගැන තමන් සමඟ මේ දෙදෙනා කළ දුරකතන සංවාද සේරම පටිගත කළා.... තමන්ගෙ තැනක එයාල එක්ක කරපු කතාබහ හංගපු කැමරාවකින් වීඩියෝගත කිරීමත් සිද්ධ කළා.

කොහොම හරි තමන්ගෙ ගැලවිජ්ජාව උදෙසා ව්‍යාපාරිකයා මේ දෙන්න කියූ පරිදි ගනුදෙනුවක් කළා. ඒත් ප්‍රශ්නය නම් විසඳුණේ නැහැ. වැඩේ අලවෙලා ව්‍යාපාරික භවතට නඩු වැටිල වැලිකඩට ගාල් කළා කියමුකො....

ඔන්න ඔහොම ඉන්නකොට මේ ආණ්ඩුව ආවා. අර ගනුදෙනුව කළ ප්‍රබලයො දෙන්නම අවලංගු කාසි බවට පත්වුණා. මේ දෙන්න තමන්ගෙන් වාසි ලබාගෙන වැඩේ නොකිරීම ගැන ව්‍යාපාරිකය හිටියේ මාර කේන්තියෙන්...

අන්තිමේ එයා මේ දෙන්නට සුහදව පණිවුඩයක් ඇරිය වහාම ගත්ත සල්ලි නැවත දෙන්න නැත්නම් සේරම කතන්දර ෆේස්බුක් ගතකරනවය කියල..

මේ අනතුරැ ඇඟවීමෙන් පස්සෙ හොට බිම ඇණගත්ත රජරට පළාතෙ මහා ව්‍යාපාරිකයා සද්ද නැතුව ගත්ත ගණන ගෙනත් දුන්නෙ කිසිවක් හෙළිනොකරන බවට ලබාගත් කොන්දේසිය පිටයි.

දැන් ඉතුරැවෙලා ඉන්නෙ දකුණෙ දේශපාලන කෙරුමලු... උන්නැහෙත් ව්‍යාපාරිකයා මුණගැහිල දුක කියල තමන්ගෙ වටිනා ඉඩමක් ගනුදෙනුවට හිලව් කරන්න හැදුවත් ඒක හරිගියේ නැහැ. අරය ඉල්ලන්නෙ දුන්න සල්ලිමලු...

අපට දැනගන්න කියන විදියට ව්‍යාපාරික භවත දැන් දේශපාලුතුමාට තමන්ගෙ මුදල් දෙන්න අවසන් රතු නිවේදනේ නිකුත් කරලලු. වැඩේ ඒ විදියට සිද්ධ නොවුණොත්, ඉදිරි සතිය දෙක වෙනකොට අපිට මේ කතාවෙ තවත් සිරා ජවනිකාවක් දැකගන්න ලැබේවි කියලයි කියවෙන්නෙ...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00