2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

එයාල නැටුවට බෙරේ මෙහේ....

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 559

අලිපාටියේ කොළඹ ඉන්න උප ලොක්කා හම්බෙන්න මේ දවස්වල අලුත් සන්ධානේ කට්ටිය යනවලු. ගොඩක්ම එයාගෙන් පහුගිය කාලේ කාලා ඇඳලා හිටිය අය. ඌව පළාතෙ කටකාරයෙක් රත්නපුර පැත්තෙ ජම්පර් කතාකාරය එහෙමත් මේ අය අතරේ හිටිය. ඉතිං මෙයා ගාවට ගිහින් අලුත් සන්ධානයට එකතුවෙලා වැඩේ කරමු කියනවලු එයාල. ඒත් මෙයා ඒ අයට ගෙම්බර් දාලා බැන්නලු. පක්ෂය කඩාගෙන යන වැඩ මා ළඟ නෑ. ජනාධිපති වෙන්න බැරි කෙනෙක් එක්ක අලුත් ගමන් යන්න ගිහින් පාරට වැටෙන්නත් බෑ. මේ හදන්නේ එයා වගේ මිනිස්සු ඡන්දයෙන් පරද්දලා අලිපාටිය නැත්තට නැති කරන්න කියලා එයා කියාගෙන කියාගෙන යනවලු.

ඒ ආපු අයටත් මෙයා කිව්වලු මොන නැටුම් නැටුවත් අලිපාටියේ ලොක්කා තමයි බෙරේ ගහන්නෙත් කියලා. එයා ඉස්සරහදී උප පදවියෙන් නියෝජ්‍ය පදවියට එනවැයි කියලා අමුතු ඉඟියකුත් දුන්නලු. එයාගෙ නම් අදහස ඡන්දයට අලියගේ ලකුණෙන්ම යන්න ඕනේ කියන එකයි කියලයි ආරංචිය. කොහොම වුණත් දැන් එයා හැසිරෙන්නේ නියෝජ්‍ය නායක සෑම්පලයෙන්ලු.