2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා

ලැයිස්තුව සූදානම්

 2020 පෙබරවාරි 29 වන සෙනසුරාදා, ප.ව. 12:30 603

ආණ්ඩු පක්ෂයෙන් ඊළඟට මැතිසබයට එන ජාතික ලැයිස්තු මට්ටමේ අයගෙ නම් ලැයිස්තුව හදල ඉවරයි කියල තතු දත් අය කියනවා...

මේ ලැයිස්තුවට එන්න බලන් ඉන්න අයවත් ඒ ගැන මුකුත්ම තොරතුරු දන්නෙ නැතිලු...

පොහොට්ටු කස්ටියගෙ ගණන් බැලීම අනුව එයාලගෙ ලැයිස්තුවෙන් පහළොවක් හෝ දහසයක් පත්වෙන්න පුළුවන් කියලලු හිතන්නෙ....

අපට තියෙන ආරංචිවල හැටියට එක්තරා මහ ලේකම් සයිස් කෙනෙක්. ඒ වගේම සභාපති මට්ටමේ කෙනෙක් ස්ථීරවම මේ ලැයිස්තුවෙ ඉන්නවලු...

ප්‍රකට නීති ලොක්කෙක් හිටපු ඇමැති සයිස් එක්කෙනෙක් දෙන්නෙක්.... වියත් මග පැත්තෙන් එන චරිතයක් දෙකකුත් ඇතුළත් බවයි ආරංචි... සමහරවිට ඒ අය අතරෙ ප්‍රකට වෛද්‍යවරයකුත් ඉන්න පුළුවන්ලු...

පොහොට්ටු පක්ෂයට අයිතිවාසිකමක් තියෙන එක්තරා පක්ෂනායක මට්ටමේ කෙනෙක් වුණත් මේ ලැයිස්තුවෙ ඉන්න පුළුවන්ය කියනව....

ඒ වගේම පොහොට්ටුව එක්ක සන්ධාන ගතවෙච්ච ජනබලයක් තියෙන දේශපාලන පක්ෂ දෙක තුනකටත් ජාතික ලැයිස්තු පදවි හිමිවෙනවලු...

ඔන්න ඔහොම තමයි දැනට කියන විදියට පට්ටම් බෙදෙනවය කියන්නෙ. හැබැයි ඡන්දෙන් පස්සෙ ඕව වෙනස් වෙන්නත් පුළුවන් කියල කියනවා.

හැබැයි අපි තමයි ඔය ලැයිස්තුවෙන් එන්නෙ කිය කියා රටට පබ්ලිසිටි දෙන හුඟ දෙනෙක් මේ ලැයිස්තුවේ නැති බව නම් කියන්න පුළුවනි....

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00