2017 මාර්තු 25 වන සෙනසුරාදා

යනවලු?

 2017 මාර්තු 25 වන සෙනසුරාදා, පෙ.ව. 06:00 423

මහජනතාවගෙ ආරස්සාවට වග කියන ආණ්ඩුවෙ දෙපාර්තමේන්තුවක ලොක්කෙක් යන්න හදනව කියලා තිරේ පිටිපස්සෙ ලොකු කතාවක් යනවා...

උන්නැහේ මේ පට්ටමට පත්වෙලා ගතවුණ අවුරුද්දෙ කරපු කියපු දේවල් ගැන ආණ්ඩුකරන දෙගොල්ලම ඉන්නෙ අලි අප්සෙට් එකකලු. දෙතුන් පාරක් සැර අවවාද භුක්ති විඳලා ඉන්න කාකිසූට්ධාරි මුන්නැහේ පවතින තත්ත්වය යටතේ බණ භාවනාවෙන්වත් යහපත්වේද කියලා බලන්න දැන් ධර්ම දේසනාවලටත් බැහැලලු.

කොහොමින් කොහොමහරි තමන් කොරන කියන දේවල් ගැන හොඳක් අහන්න නොලැබෙනවනම් සිංහල අවුරුද්දෙන් පස්සෙ වෙන අතක් බලනවා කියල එයා තමන්ගෙ ළඟම කස්ටියට කීවලු... මේ කතාව ආණ්ඩුවෙ ඉහළම කස්ටියත් දන්නවා කියලයි සමහරු කියන්නෙ...