2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

කදිම උපදෙසක්!

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 1174

අලි පාටියෙ ඉහළම පට්ටමක් දරන මහත්තයෙක් පසුගියදා තමන්ගෙ තනතුරින් ඉල්ලා අස්වෙන්න තීන්දු කළා.... පක්ෂයේ නායකතුමාට ඉතාම හිතවත් උන්නැහේගෙත් ළඟින්ම ඉන්න මේ අලි පාටි ලොක්කා තමන්ගෙ තනතුරේ ඉතාම හොඳට විරාජමානව ඉන්න කෙනෙක්....

ඒත් පාටියෙ සජීතුමාගෙ හිතවත්තු මේ පක්ෂ ලොක්කට විටින් විට දොස් පරොස් කියන්න පටන්ගත්තෙ නායකතුමාට පක්ෂයේ ප්‍රශ්න විසඳන්න ඉඩ නොදෙන බව කියමින්...

ඉතින් ඔය විදියට දිගින් දිගටම මේ චෝදනා එනකොට උන්නැහේගෙ හිත රිදිලා තමන් දරන මහ පට්ටමෙන් ඉල්ලා අස්වෙන්න ඕන කියල පාටියෙ ලොකු මහත්තුරු දෙතුන් දෙනකුට කිව්වලු....

තමන් ගියාම හිස්වෙන මහ පුටුවට ළඟදී කතානයක පුටුවෙන් බහින්න ඉන්න කරැතුමා සුදුසුය කියලත් යෝජනා කළා...

ඔය විදියට පුංචියට පැතිර ගිය මේ ආරංචිය ආණ්ඩු පක්ෂයේ ඉහළම තැනකටත් ලැබුණය කියමුකො... ආණ්ඩුවෙ ප්‍රවෘත්ති ගබඩාවට මේක ලැබුණම ටිකක් පුදුමයට පත්වුණ ආණ්ඩුවෙ ඉහළම කෙනෙක් පට්ටමින් අස්වෙන්න යන මේ අලි පාටි ලොක්කට දුරකතන ඇමතුමක් දුන්නලු.

මුලින් දුක සැප විමසල ඊළඟට මේ ආරංචිය ගැනත් අහලා ඊටපස්සෙ අලි පාටියෙ ප්‍රබලය ආරංචිය ඇත්ත බව සනාථ කළා. තමන්ට තමන්ගෙ පක්සෙම අයගෙන් කට කැඩිච්ච කතා අහන්න බැරි නිසා යන්න තීන්දු කළ වගත් පැවසුවා....

මේ වගේ ප්‍රශ්න සම්බන්ධව හසල අත්දැකීම් තිබෙන තෙම්පරාදු දේශපාලනේ පරතෙරට ගිය ආණ්ඩු පක්ෂයේ ප්‍රබලය යන්න හදන අලිපාටි ලොක්කට බොහොම බරසාර ප්‍රායෝගික උපදෙසක් දුන්නා....

ගියොත් එයාට වෙන්න පුළුවන් දේත් පැහැදිලි කළාලු.ඊට පස්සෙ ටිකක් කල්පනා කරපු අලි පාටිලොක්ක තමන් මේ ගැන හිතලා බලන්නම් කියල කිව්වලු....

ඊට දවසකට පස්සෙ තනතුරින් යන්න හිටපු අලි පාටි ලොක්ක තමන්ගෙ තීන්දුව වෙනස් කළ බව පක්ෂයේ ඉහළ තැන්වලට දැන්නුවා.

ඔන්න ඔහොමයි අපේ රටේ දේශපාලනේ තීන්දු ගන්නෙ.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00