2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

ඇමැතිගෙ මිනිට් ගැහිල්ල

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 689

අපි මේ කියන්න යන්නෙ ආණ්ඩුවෙ ප්‍රබල ඇමැති සයිස් මහත්තයෙක් ගැන.... 

කොළඹ දිසාව නියෝජනය කරමින් කවුන්සිලේට තේරී පත්වුණ මෙයා ආණ්ඩුවෙ මුල්පෙළේ දෙතුන් දෙනාගෙන් කෙනෙක් දියවන්නා කවුන්සිලේ හොඳ කටකාරයෙක්...

දැනට ආණ්ඩුවෙ ප්‍රබලම අමාත්‍යංශ තුන හතරක් බාරවයි ඉන්නෙ... පසුගිය දවසක උන්නැහේගෙන් කිසියම් වැඩක් කරගන්න එක්තරා තරුණයෙක් ඈත පළාතකින් ආවෙ ගමේ මන්ත්‍රීතුමාගේ නිර්දේශයකුත් අරන්.... මේක අරන් ඒ තරැණයා තකහනියකින් කොළඹ ඇවිත් තමන්ගෙ වුවමනාව ඇමැති තැනට කිව්වා... කෝ ලියුමක් ගෙනාවද? ඇමැති ඇහුවා. ඔව් සර් තරුණය නැවත කිව්වා.

ඊට පස්සෙ තරුණයගෙන් ලියුම ගත්ත ඇමැති ඒ ලියුම කඩලා බලන්නෙත් නැතුව තමන්ගේ නිර්දේශය ලියුම් කවරෙ ලියල දුන්නෙ තමන් බිසී බව කියමින්.... ඇමැතිවරැ ලියුම් නොබලා ලියුම් කවරෙ මිනිට් ගහනවා මීට කලින් දැකලා නැති තරැණයා කරන්න දෙයක් නැති නිසා මේ ලියුමත් අරන් තමන්ගෙ වැඩේ කරගන්න නිසා ආයතනයට ගියා. ගිහින් එතැන ලොක්කගෙන පියන් තැනට කතාව කිව්වම කෝ ඇමැතිතුමාගෙන් ලියුමක් ගෙනාවද කියල පියන් තුමා ඇහුව. තරැණය දෝතින්ම ලියුම භාරදුන්නා.

ඊට පස්සෙ තරුණය ටික වෙලාවක් වාඩිවෙලා හිටියෙ මේ ආයතන ලොක්ක කතා කරනකම්. ඔන්න පැයකට විතර පස්සෙ තරුණයට ලොක්ක කතා කළා....

තමුන්ට මේ වැඩේ කරගන්න නම් ඇමැතිතුමාගෙ නිර්දේශය ඕන. ඒක නැතුව ආවෙ ඇයි? ලොක්කා ඇහුවා. ඒක ලියුමෙ තිබුණ සර්.. කොහෙද? නැවත ලොක්කා ඇහුවා. ලියුම් කවරෙ ඇමැතිතුමා ලියලා තිබුණෙ. තරුණයා අසරණව කිව්වා.

ලියුම් කවරෙ... කවද්ද අයිෂෙ ඇමැතිවරු ලියුම් කවරවල නිර්දේශ ලියන්නෙ... බොරු කියන්න එපා ඕයි... ආයතන ලොක්ක ගෝරණාඩු කළා....

අසරණ වුණ තරුණයා ඇමැතිතුමා තමන්ගෙ නිර්දේශය ලියුම් කවරෙ ලියලා දුන්න බව දහඅතේ දිවුරල කිව්වා... ඒත් ඒ වෙනකොට කන්තෝරුවෙ පියුන් තුමා ලියුම කඩල කවරෙ කුණු ගොඩට දාලත් ඉවරයි. පස්සෙ බැලුවත් ඒක හොයාගන්න බැරිවෙලා... අන්තිමේදී ආයතන ලොක්කගෙන් තවදුරටත් බැණුම් අහපු තරුණයා ඒ බැණුම බාරගෙන යන්න ගියේ ඇමැතිතුමාගෙ හත්මුතු පරම්පරාවම මතක් කරමින්ලු....

ආණ්ඩුවෙ ඉහළම පට්ටම් දරන ලොක්කෙක් රටේ පුරවැසියන්ට සලකන්නෙ ඔහොම නම් අන් අය ගැන කවර කතාද?

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00