2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා

කොල්ලා අමාරුවේ

 2020 පෙබරවාරි 22 වන සෙනසුරාදා, ප.ව. 12:30 545

අලි පාටියෙ රැඩිකල් උදවිය පක්ෂයක් හදලා ඔන්න ඒකෙ ලකුණ හැටියට හදවත දානවා කියලා කිව්වා. ඉතින් හැමෝම හිතුවේ ලකුණ හදවත කියලා. මේකට ගොඩක් අය කැමති වුණාලු. හැබැයි අලි පාටියේ ලොකු තැන නම් ඒකට මුල ඉඳලම කැමැත්තක් තිබ්බේ නෑලු. කොහොම වුණත් අලි පාටියේ ලොකු තැනත් එක්ක හරි හරියට හිටපු බදුල්ලේ හදිස්සි කොල්ලා මේ පක්ෂ වැඩේදිත් ඉස්සර වුණාලු.

කවුරැවත් පෝස්ටර් බැනර් ගහන්න කළින් හැමතැනම මෙයා ගැහැවලු බදුල්ලෙ කොල්ලත් හදවතේ තමයි කියලා මූණත් දාලම. අනේ ගහලා දවස් දෙකයි ගියේ. අර අලුත් සන්ධානයේ මහලේකම්තුමා කිව්වා පක්ෂයේ ලකුණ හංසයමයි හදවත නෙවෙයි කියලා. ඒ කතාවට හදිස්සි කොල්ලගෙ හදවත කඩා වැටුණ. ගහපු පෝස්ටර් ඔක්කොම වතුරෙ ගියා. කොල්ලා දැන් සද්දයක් නෑලු. පෝස්ටර් ටිකත් ගෙදර තියං ඉන්නවා කියලයි ආරංචිය. ලොක්කා කොල්ලව මාර අමාරුවකලු දැම්මේ.

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00