2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

අත පාටිය දුකින්

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 505

අත පාටියේ සංවිධායක සැට් එකක් ගියාලු ඒකේ ලොක්කා හම්බවෙන්න. ගියේ අඳෝනාවක් අරන්ලු. ඒ අය කිව්වේ එයාලට පොහොට්ටුවේ අය කැපිලි දානවා කියලා. ඒ නිසා එයාලට මහ ඡන්දෙට එයාලා පොහොට්ටුව එක්ක බෑ වෙනම ඉල්ලමු කියලා කිව්වලු. මේ ගැන ලේකම් තැනටත් දන්වලලු ඒ අය ආවේ.

ඒත් ලොකු තැන හැමදේම අහලා බලමුකෝ බලමුකෝ කිව්වලු. කලබල වෙන්න එපා එයාලාට තනියම දිනන්න බෑ කියලත් කියලා. ඒත් හරි උත්තරයක් නෙමෙයිලු දුන්නේ. අවසානයේ කට්ටිය උත්තරයක් නැතිව එළියට ආවලු. ඒ ආවේ නිකන් නෙමෙයිලු හරියන්නේ නෑ මචං වෙන තැනක් හොයාගමු කියාගෙනලු.