2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා

ටිකට් කැපෙන්න යන දෙන්නෙක්

 2020 පෙබරවාරි 15 වන සෙනසුරාදා, ප.ව. 12:30 619

අලි පාටියෙන් කොපමණ කොකු වැටුණත් අලුත් සමගි බලවේගය තමන්ගෙ ගමන යන්න සූදානම් වෙනවයි කියලයි ඒ පැත්තෙන් ආරංචි වෙන්නෙ...

හැබැයි ඒ ගමනෙදි පසුගිය අලි පාටි ආණ්ඩුවෙ ඉඳන් නම සවුත්තු කරගත් ඒ වගේම සජීතුමාගෙ ගමනට බාල්දි පිට බාල්දි පෙරළපු දෙන්නෙකුගෙ ටිකට් කැපෙන්න පුළුවන් කියලා තතු දත් ආරංචි මාර්ග කියනවා...

එයින් එක්කෙනෙක් අගනුවර දිසාව නියෝජනේ කරන අර්බුදවලට නම ගෑවුණ අකුරු දෙක තුනක නමක් තියෙන පොරක්....

අනිත් ප්‍රබල චරිතය දකුණෙලු. දකුණු ලකේ අග නගරේ පැත්තෙන් අලි පාටියට පාත්වෙච්ච මුන්නැහේ අලි පාටි තුළ සර්වලෝක පූට්ටුවක් නිර්මාණය කරපු කෙනෙක් කියලා හදවතේ ප්‍රබලයො කියනවා...

ඒ ගොල්ලොත් එක්ක හදවතක් තියෙන අයට ගමනක් යන්න අමාරු නිසා දකුණෙ හිටපු ඇමැතිටත් කොළඹ හිටපු ඇමැතිටත් ඉදිරි මහ ඡන්දෙදි ටිකට් නැත කියලයි හදවත කණ්ඩායමේ සමහරු කියන්නෙ.