2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා

පත්කළා... අස්කළා

 2020 පෙබරවාරි 08 වන සෙනසුරාදා, ප.ව. 12:30 813

ආණ්ඩුවේ ඉහළම පෙළේ මාධ්‍ය ආයතනයක මහ පුටුවට පත්වුණ උන්නැහේ කෙනෙකුට දවස් තුනෙන් ඒ රස්සාව අහිමි වුණා... ඒකට ආසන්න හේතුව උන්නැහේ වැඩ අරඹමින් කළ දේශනය බව තතු දත් ආරංචි මාර්ග කියනවා...

මේ කතාවෙන් පස්සේ උන්නැහේ විෂය භාර අමාත්‍යංශයට කැඳවලා ඒ ගැන බලවත් දේශපාලනඥයෙක් සිය දැඩි නොසතුට පළ කළාලු. ඒ දෝෂාරෝපණයට නිහඬව සවන් දීපු අලුත් සභාපති තැන අපූරැ කතාවක් කියූ බවත් ආරංචියි...

තමන්ට මේ තනතුර ලැබුණදා සිට කෑම කන්නට නොහැකි බවත් දින දෙක තුනක්ම නින්ද නොගිය බවත් කියූ උන්නැහේ තවත් කතා ගණනාවක් කී බව ආරංචියි. ඒ විදියට තනතුර දරා ගැනීමේ අපහසුව නිසාම උන්නැහේ කොළයක් අරන් තමන්ගෙ අස්වීමේ ලිපිය විෂය භාර දේශපාලන බලවතා අතට දීල යන්න ගියාලු...

හැබැයි මෙතන තියෙන වැඩේ මෙයා පත්කරලා අස්කිරීම නොවෙයි. මෙයා මෙතෙන්ට පත්කළේ කවුද? පත් කළේ ඇයිද කියන කාරණාව ගැන හොයලා බැලීමයි... සමහරු කියන්නේ මෙයා මෙතනට පත්කළේ අනාගත මහමැතිවරණයේදී ආණ්ඩුවෙ ඉහළ කමිටුවක ඉන්න කෙනෙකුගෙ මනාප සටනට සහය ලබා ගැනීමේ අරමුණින්ය කියලයි. හැබැයි ඒ මේ විෂය භාර දේශපාලන බලවතා නම් නොවෙයිලු...