2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා

තව එකක් තියෙනවලු!

 2020 පෙබරවාරි 01 වන සෙනසුරාදා, ප.ව. 12:30 873

ප්‍රකට නිළියකගේ කෘෂිකර්ම මන්දිරේ ආණ්ඩුවට කරුමයක් කියලා ලොකු කතිකාවක් එනකොට ආණ්ඩුව ඒක අත්හැරියා. ඒකට ගෙවපු මාසික කුලිය රුපියල් ලස්ස 230ක්ලු.

කොහොම නමුත් ඉස්සරහ අවුරුද්දටත් සල්ලි ගෙවලා තියෙද්දි මේ ගොඩනැගිල්ලෙන් ඇමැති කන්තෝරුව පිටට ඉක්මනටම ගෙනිච්චේ රාජ්‍ය ඇමැති තැනත් මේ ගැන කෝලහාල කරන්න පටන්ගත්ත නිසයි.

මේ ජරමරය ලොකුවට යද්දි ආණ්ඩුවේ බලවත් තැනකට තවත් මේ වගේ ගොඩනැගිල්ලක් තියනවය කියලා ආරංචි වුණා. ඒක තිබෙන්නේ රතු කුරුසයක් තියන ගොඩනැගිල්ලක් කිට්ටුව කියලා ආරංචියි.

පුදුමෙ කියන්නෙ ඒ ගොඩනැගිල්ලට මාසෙට ගෙවලා තියන කුලිය රුපියල් ලස්ස 220යිලු. අරකට වඩා අඩු ලස්ස 10යි.

මේක අරන් තිබුණේ ගිය ආණ්ඩුවේ එක්තරා විශේෂ සංවර්ධන වැඩක් භාරදීලා තිබුණ කැබිනට් නොවන ලොක්කෙකුට... එයා එක පක්ෂයක නායකයෙක්ලු. උඩරට පළාතෙ සීතලම දිස්ත්‍රික්කෙ නියෝජනය කරමින් තමයි කවුන්සිලේට ආවේ.

උන්නැහේගේ බිල්ඩිමේ මේ යෝධ කුලිය ගැන කවුරුවත් දැනට කතා නොකළත් ඒකෙ ඇත්තම කතාව ළඟදි කාකිසූට් දෙපාර්තමේන්තුවෙ කස්ටිය මේ දේශපාලන ලොක්කගෙන් අහන්නලු යන්නේ. ඊටපස්සේ උන්නැහේට අලුත් කඩේ පැත්තෙන් යන්න වෙයි කියලයි ආරංචි.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00