2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ඉබ්බා ඇරෙන්නෙ සල්ලි දුන්නමයි

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:53 864

එක්තරා ප්‍රකට දේශපාලන පවුලක චතුරව කතා කරන ඇමැතිසයිස් දේශපාලන පුත්‍රයෙක් ඉන්නවා... උන්නැහේ දියවන්නාවට පත්වුණේ බස්නාහිර පළාතෙ දිස්ත්‍රික්කයකින්...

මේ ලෝකෙ ඉන්න බොහෝ ප්‍රකට චරිත ළඟින් ඇසුරු කළ බව කියන ඕන දේකට උපදෙස් කාරිය දෙන්න වුණත් දක්ෂ මුන්නැහේ පසුගිය යහපාලන රජයේ නිර්මාතෘවරයකු බව එයාමයි කියන්නෙ.

ඉතින් අපේ කතාව ඒක නොවෙයි... කොළඹ කිට්ටුව පිහිටි රා වලින් හැඳින්වෙන නගරෙක දැවැන්ත රෝහලක් තිබෙනවා. මේ කියපු තරැණ දේශපාලන බලවතා ඒ කාලේ එක පාරටම මෙතෙන්ට කම්කරු මට්ටමේ හයසීයක් විතර රස්සාවලට දැම්මා...

ඒක හොඳ වැඩක්... ඒ රෝහල් කම්කරු කස්ටියගෙ රස්සාව හදිසියෙ රෝහලට ලෙඩ්ඩු ගෙනාවම රෝද පුටුවෙ තියලා වාට්ටුවට ගෙනයාම. හැබැයි එයාලගෙ රස්සාව ඒක වුණාට එයාලා නොකරන්නෙත් ඒකමයි... මරණාසන්න ලෙඩෙක් වුණත් ඈතින් පිහිටි වාට්ටුවට එයාලා ගෙනියන්නෙ රුපියල් 100/- අතමිට මෙලෙව්වොත් පමණලු... එහෙම නැත්නම් රෝද පුටුවක්වත් දෙන්නෙ නැතිලු... ඒවා දම්වැලකින් බැඳලා.. ඉබ්බා දාලලු තියෙන්නෙ... ඉබ්බා ඇරෙන්නෙ සල්ලි දුන්නට පස්සෙලු...

හිටපු දේශපාලන බලවතාගෙ හයිය පාවිච්චි කරලා පටන් ගත්ත මේ අසමජ්ජාති වැඩේ තාමත් කරමින් ඉන්නවලු... 

ඉතින් එතනින් බේත් ගන්න එන ජනතාව රටේ ලොකු මහත්තයට ආරාධනා කරනවා මෙතෙන්ට ඇවිත් යන්න කියලා...

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00