2020 ජනවාරි 25 වන සෙනසුරාදා

ග්‍රහයො නීචවෙලා

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 537

අලි පාටියෙ වැඩි දෙනෙක් අලුත් සන්ධානයක් හදනවය කියල කියාගෙන යනව... අලුත් පක්ෂයේ නම ලකුණ ගැනත් නොයෙක් දේවල් කියන්න පටන් අරන්... ඒත් ඔය කියන කතා එ.ජා.පෙ. ඉහළම තැන් පිළිගන්නේ නැතිලු...

කොහොම නමුත් පුංචි දාස උන්නැහේගෙ හිතවාදීන් නම් කැට තියලා කියන්නෙ අපටත් අපේ ලොක්කටත් තැනක් නැත්නම් අලුත් පාටියක් හැදෙනවමය කියලයි. කොහොම හරි මේ අලුත් සන්ධානෙට කළින් හිටපු පක්ෂ සේරොමත් ඒවගේ නායකයොත් සම්බන්ධයි. නමුත් ඔය සන්ධානෙට ඇතුළත් කරගන්නෙ නැති එක නායකයෙක් ඉන්න බව අලි පාටිය පැත්තෙන් ඇහෙනවා.

දැනට මන්තිරිවරැ පස් හය දෙනෙක් ඉන්න පාටියක් අයිති මේ නායකයා විල්-පත්තුවක් ඔළුවේ බැඳන් හිටපු පොරක්. බොහෝම ආන්දෝලනාත්මක චරිතයක්. එයා අලුත් සන්ධානෙට ගත්තොත් සන්ධානෙට ලොකු හානියක් වෙනවය කියන තර්කය නිසා උන්නැහේ කැපී ගොස් ඇති බවයි අපට ආරංචි...

මෙය පොහොට්ටු කස්ටියට කොහොමත් අරහං පොරක්... ඊළඟට අලි පාටියේ පුංචි දාස කණ්ඩායම එක්ක සැට් වෙන්න දැන් මෙයා පාරක් හොයනවලු... ඒ අතරේ පොහොට්ටුවෙ පරණ හිතවතුන් තැන් තැන්වලදී හමුවෙලා අපි ඔයාලත් එක්ක තරහ නැහැ කිය කියා බෝල බස්සන්නත් ට්‍රයිලු.

කොහොම නමුත් මෙච්චරකල් උච්චවෙලා තිබුණ මෙයාගෙ ග්‍රහයො දැන් නම් නීච වේගෙන එනවය කියල එයාටම දැනිලය කියලා උන්නැහේගෙ ළඟම හිතවත්තු කියනවා.. යහපාලනයේ බරපතළ ඇමැතිකමක් එක්ක ආණ්ඩුවෙ කන්තෝරු හතළිස් ගාණක් පාලනය කරපු මෙයා ඒ කාලෙ නම් හිටියේ ලස්සෙට කොඩි දාලා... දැන් ඒ කොඩිත් ගැලවිලා කටුත් හැලිලලු ඉන්නෙ..

අලි පාටියෙත් තැනක් නොලැබීම ගැන එයාගෙන් ඇහුවම එයා කියනවා කියන්නෙ අපි තනියම ඡන්දය ඉල්ලලා දිනල පස්සෙ සුදුසු සන්ධානයකට යනවයි කියලලු. 

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00