2020 ජනවාරි 25 වන සෙනසුරාදා

නැකත උදාවෙනකම් ඉන්න බැරිලු

 2020 ජනවාරි 25 වන සෙනසුරාදා, ප.ව. 12:30 552

පොහොට්ටුවෙ කස්ටියගෙ රැස්වීමක් එයාලා එකතුවෙලා හිටියෙ තවත් මාස දෙක තුනකින් එන මහ ඡන්දය ගැන සාකච්ඡාවකට වගෙයි කතාවෙන් බහෙන් තේරුණේ...

ආණ්ඩුවෙ දෙවැනි මහත්තයගෙ ප්‍රධානත්වයෙ තිබුණ මේ හමුවෙදි හුඟ දෙනෙක් ප්‍රශ්න කළේ දැන් කියන කවුන්සිලේ විසුරවන දවස ගැනයි... මේ ප්‍රශ්න මතු කළ හැමෝම දැනට කවුන්සිලේ ඉන්න මැම්බර්ල වීමත් විශේෂයක්...

ඉතින් ඔන්න දියවන්නාව විසුරවන දිනය තීන්දු කරන්නේ සුබ නැකත් අනුව බව එතනදී කියැවුණා. මැදින් මාසේ තුන් වැනිදට ඒ තැනක උදාවෙන බවත් ඉහළින් කියලා තිබෙන බව මේ රුස්වීමෙ හිටපු මන්තිරි කස්ටියට දැන්නුව කියමුකො...

හැබැයි මේ නැකැත් දවසට කලින් පොහොට්ටු කස්ටියට සභාව විසුරැවා ගන්න ඕනය කියලා එතෙන්දි ලොකු හඬක් මතුවුණා... එයාලා වැඩි දෙනෙකුගෙ මතේ වුණේ අප්‍රේල් අවුරැදු නිවාඩුවත් එන නිසා ඡන්දෙ මනාප පොරේට තියන දින ගණන අඩු බවයි... ඒ හින්ද රටේ ලොකු මහත්තයට කවුන්සිලේ විසුරවන්න ඉඩ ලැබෙන මැදින් මාසේ පළවෙනිදාම ඒ කියන්නෙ නැකතට දවස් දෙකකට කළින් සභාව විසුරැවන්න කියලයි පොහොට්ටුවෙ ඉල්ලීම. ඒ ඉල්ලීම ඉතාම සැරට ඉදිරිපත් වුණාට සේරටම නැකත් බලන අපේ රටේ නැකතට පිටින් වැඩ කරන්න යාවිද කියලා හිතන්න අමාරැ බවයි අපට තියෙන ආරංචිය...