2020 ජනවාරි 18 වන සෙනසුරාදා

වැඩ නොදුන්න අයගේ අළු යට ගින්නක්

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 538

තමන්ට ලැබුණ ඇමැති පට්ටම දොඩම්ගොඩ බදාගත්තා වගේ අල්ලන්න ඉන්න කැබිනට් සයිස් මහත්තුරු හත්දෙනෙක් විතර ඉන්නවලු...

රටේ ලොකු මහත්තුරැ කොපමණ තීන්දු ගන්නත් උපදෙස් දුන්නත් මේගොල්ලො නෙවෙයිලු තමන්ගේ මිනිස්ට්‍රියට දාපු රාජ්‍ය මට්ටමේ ඇමැති කස්ටියට වැඩ භාර දෙන්නේ.

වැඩ විතරක් නෙවෙයි හොඳම වාහන ද කන්තෝරු ද සේරම උන්නැහේලා බදාගෙන ඉන්න එක ගැන කලකිරුණු රාජ්‍ය මට්ටමේ පට්ටම් දරන ජ්‍යෙෂ්ඨ කස්ටිය පස් හයදෙනෙක් පසුගියදා කොළඹ තරු හෝටලයකදී පොඩ්ඩක් සැට් වුණා කියලා ආරංචියි...

මේ හමුවේදී තමන්ගේ පදම ඉක්මවා ගිය එක්කෙනෙක් දෙන්නෙක් තමන්ට කැබිනට් තීන්දුව අනුව වැඩ පවරන්නේ නැත්නම් රාජ්‍ය පට්ටම් අත්හරින්න යෝජනා කරලා කියලා ආරංචියි.

ඒත් කස්ටිය ඒ ගැන අවසන් තීන්දුවක් ගන්න තවත් හමුවක් තියන්න යන බව කියැවෙනවා.

මේ රුස්වීමට හිටියේ නැතත් තමන්ට ලැබුණ රාජ්‍ය මට්ටමේ ඇමැති පට්ටම් ගාණ ගැන හුඟක් අසතුටින් ඉන්න දෙතුන් දෙනකුත් ආණ්ඩුවෙ ඉන්නවලු. ඡන්දෙකට කලින් මං තමයි අනාගත ...දේශ ඇමැති කිය කියා හිටපු නුවර පළාතෙ කෙනකුත්.. මං තමයි ....රාය ඇමැති කිය කිය හිටපු කළුතර පළාතේ කෙනකුත් මේ විදිහට බරටම අප්සෙට් පිට ඉන්න දෙන්නෙක්ලු... හැබැයි මේ දෙන්නට ඔය කියන පට්ටම් නොලැබුණේ මොන හේතුවක් හින්දද කියලා එයාලා දන්නෙ නැහැල්ලු.. නමුත් ඒකට බලපාපු හේතු තිබෙනවලු... ඉස්සරහටත් මේ හේතු වලංගු බවයි තතු දත් අයගේ මතේ...