2020 ජනවාරි 18 වන සෙනසුරාදා

නව ප්‍රධානියා

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 601

රටට ආදායම ලබා දෙමින් ජනතාව සූර් කරන කස්ටිය පාලනය කරන දෙපාර්තමේන්තුවට ළඟදි අලුත් ලොක්කෙක් ආවලු.

උන්නැහේ ඔය කියන ආයතනයෙම මෙයට කලින් ඉඳලා තනතුරින් යන්න ගිය කෙනෙක්.

මේ පාර උන්නැහේ මේ තනතුරට පත් කරන්න යෝජනා වුණාම එයාට විරුද්ධව රජයේ නිලධාරීන්ගෙනුයි වෘත්තීය සංගම්වලිනුයි ලොකු ඝෝෂාවක් ආවා. ඒත් අන්තිමේදී උන්නැහේ තරගයේ වීරයා වෙලා මේ පට්ටමට පත්වුණා.

ඊළඟට දෙපාර්තමේන්තුවේ ට්‍රේඩ් යුනියන් කස්ටිය තමන්ගේ අසතුට මැද මේ වැඩේ සිද්ධ වුණේ කොහොමද කියලා සොයලා බැලුවා.

බලනකොට මේ කෙළවරේ ඉන්නවා දේශපාලන භවතුන් දෙන්නෙක්. එක්කෙනෙක් ඇතුගල්පුරේ පැත්තෙන් ආපු ඇමැති සයිස් පොරක් අනෙත් එක්කෙනා කේතලෙන් මල්ලක් ගෙනාපු පැත්තට වසන්තය උදා කරපු පිංවතෙක්.

මේ දෙන්නට අමතරව තව එක්තරා පූජ්‍ය පක්ෂයේ කෙනකුත් (විපක්ෂයට සම්බන්ධ) මේ කටයුත්තට දායක වෙලාලු...

ඒ කොහොම වුණත් ඊටපස්සේ අලුතෙන් ආපු ලොක්කගෙ වැඩකිඩ ගැන ඇස් දහයකින් කස්ටිය බලන් ඉන්න පටන් අරන්ලු...

මේ නිරීක්ෂණය ඉහළින්ම ආපු අණක් කියලයි ආරංචි.