2020 ජනවාරි 18 වන සෙනසුරාදා

රුවුලද? කැඳද?

 2020 ජනවාරි 18 වන සෙනසුරාදා, ප.ව. 12:30 505

පුංචි දාසලගේ අය අලුත් පක්ෂයක් හදන්නලු ප්ලෑන් එක. මේකට එයා වටේ කට්ට කාගෙන හිටිය හැමෝමත් ගන්නවලු. ඡන්දයට උදව් කරපු අයත් ගන්නවලු. දැන් ලොකු ප්‍රශ්නයක් ඇවිත්ලු තියෙන්නේ බැඳුම්කරේට සම්බන්ධ අයව ගන්නවද නැද්ද කියලා. බැඳුම්කරේ නඩේගෙන් සල්ලි ගත්තය කියලා චෝදනා තියෙන හතර දෙනෙක් කකුල උස්සන්ලු ඉන්නේ අලුත් පක්ෂයට එන්න. ඒ අයට පුදුම ඕනකමක් තියෙනවලු මේ පක්ෂයෙන් තනතුරු ගන්නත්.

හැබැයි මේක දැනගත්ත පුංචි දාසගේ සැට් එක අවුල් වෙලාලු. මෙයාල හතර මායිමේ ගන්න එපා කියලලු එයාල කියන්නේ. ඒ අය එනවා නම් අලි පාටියේම ඉමු කියන පිරිසකුත් ඉන්නවා කියලා ආරංචි. හැබැයි මේ බැඳුම්කර යාළුවො අය පහුගිය කාලේ පුංචි දාස වෙනුවෙන් දරදිය ඇද්ද ඈයොලු. කොහොම වුණත් දැන් පුංචි දාස නම් ඉන්නේ රැවුලත් ඕනේ කැඳත් ඕනේ කියන ප්‍රශ්නය මැද්දෙලු.

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00