2020 ජනවාරි 11 වන සෙනසුරාදා

අමුතු පෝලිමක්

 2020 ජනවාරි 11 වන සෙනසුරාදා, ප.ව. 12:30 580

මේ දවස්වල ආරස්සක කටයුතු භාර මහ කන්තෝරුවෙ දිග පෝලිමක් තියෙනව කියල ආරංචියි...

සාමාන්‍යයෙන් රටේ ආණ්ඩුවෙ කන්තෝරුවල පෝලිමේ ඉන්නෙ ජනතාව නමුත් මේ පෝලිමේ ඉන්නෙ සාමාන්‍ය ජනතාව නොවේ. දියවන්නාවෙ මහේශාක්‍ය ලෙස වැජඹෙන මන්තිරි ගොල්ල කියලයි තතු දත් අය කියන්නෙ. උන්නැහේල තමන්ගෙ අනෙක් සේරොම වැඩ නවත්තල මේ විදියට ආරක්ෂක කන්තෝරැවෙ ටැග් ගැහෙන්නෙ ඇයි කියලා දැන් ඔයගොල්ලො කල්පනා කරනවා ඇති....

පහුගිය දවසක නළු මන්තිරිතුමා වාර්ෂික බලපත්තර නැති ගිනි බටයක් එක්ක කොටුවීමයි ඒකට හේතුව....

දියවන්නා කවුන්සිලේ ඉන්න ආණ්ඩුවෙ විපක්ෂයෙ දෙපැත්තෙම බහුතරයක් කස්ටියට දීල තියෙන ආරස්සක ගිනිබටවලට බලපත්තර අරන් නැතිලු. මන්තිරිතුමාල වගේම මන්තිරිතුමියොත් ඒ අය අතරෙ ඉන්නවලු...

ඉතින් නළු මන්තිරිතුමාගෙ හුටපටෙන් පස්සේ මේ ගොල්ලො කාටත් නීතිය මතක්වුණා. ඊට පස්සෙ පෝලිමේ ගිහිල්ල තමන්ගෙ ගිනිබටවලට ලයිසන් ගත්තා... දැන් සේරොම හරි....

 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 23 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 30 වන සෙනසුරාදා, ප.ව. 02:00