2020 ජනවාරි 04 වන සෙනසුරාදා

රටේ මහ ලොක්කෙකුට වෙට්ටු දැමූ දෙවියන්ගේ ගෝලයා

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 1237

දැන් රටේ දෙවැනි පුටුව දරන හිටපු ලොකු තැන ගිය අවුරුද්දෙ අවසන් දවසෙ සුපුරුදු විදියට කතරගම වන්දනාවෙ ගියා...

උන්නැහේ සිරිත් පරිදි වසර විස්සක් තිහක්ම අවුරුද්දෙ අන්තිම දවසෙ රාත්‍රී පූජාවට කතරගම යනවා...

ඒ වෙලාවට දේවාලෙ මොන පූජාව තිබුණත් උන්නැහේටත් එතන ඉඩක් වෙන් කරලා තියන්න පාලක කාරකාදීන් කටයුතු කළා...

ඒත් මේ පාර ඒක එහෙම වුණේ නැහැ.. හිටපු ලොකු තැන රටේ දෙවැනියා හැටියට එතනට එන්නට පෙර එතන හිටපු එක්තරා නිලමක්කාරයෙක් ජනතාව ගෙන්නල දේවාලය පුරවල හිටපු ලොකු තැනට නිසි වෙලාවට ඇතුළු වෙන්න බැරි විදියට වැඩක් සැට් කළා.

මේක කළේ දේවාලෙ එක්තරා නිලයක් දරන විපක්ෂයෙ දේශපාලනේ අයිතිකාරයෙක් වගේ ඉන්න කපුකම්වලට නම්දැරූ කෙනෙක්ය කියලා හිටපු ලොකු තැනට කල් තබාම තොරතුරු ලැබුණ. ඒත් උන්නැහේ දේවාලෙ සිදුවන දේ ගණන් නොගෙන පූජාවට ගියේ තමන්ගෙ හිතවතුන් පිරිසක්ද සමඟයි. දේවාලෙ බලවතෙක් උන්නැහේගෙ ගමනට බාධා කරන්න මොනව කළත් එතන හිටපු ජනතාව මෙතුමා දැකපු ගමන් පූජාවට යන්න ඉඩ දීලා කෘත්‍රීම තදබදය ලිහිල් කළා...

මේ කතාව හොඳින් දන්න එතන හිටපු පළාතෙ දේශපාලකතුමෙක් දෙවියන්ගේ අඩවියක් පටු දේශපාලනේට යොදාගන්න අය ගැන සොයන්න කියලා දේවාලෙ ලොක්කන්ට කියන්නලු යන්නෙ...