2020 ජනවාරි 04 වන සෙනසුරාදා

තෝරාගැනිල්ල

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 549

අලි පාටියෙ විපක්ෂ සංවිධායකතුමා පාටියෙ මන්තිරිගොල්ල විසින් තෝරාගත්තා...

හැබැයි මේ තෝරාගැනීමට පෙර ඒ ගැන තිරය පිටුපස මහ සටනක් තිබුණා...

කළුතර පැත්තෙන් ආව පෙරේ-රා කෙනෙක් තමයි මේ සටන දුන්නෙ. උන්නැහේ මේ තනතුරට අලි පාටියෙ ස-පිල නියෝජනය කරමින් පත්වෙන්නයි උත්සාහ කළේ. ඒත් උන්නැහේ එතැනට එනවට පාටියෙ ඉහළම තැනින් ඒ තරම් සහයෝගයක් තිබුණෙ නැතිලු...

ඒ වුණත් එයාල සැලසුම් කරලා තිබුණෙ පාටිය ඇතුළෙ තරගයක් ඇති නොකර සංවිධායකය තෝරාගන්නයි.

සමහරැ පාටියෙ ලොකු තැනට හිතවත් කණ්ඩායමේ කෙනෙක් ගේන්නත් හැදුවා... ඒත් ඒ අදහස නොපිළිගත් පාටියෙ ලොකු මහත්තුරු දෙපැත්තෙ කාගෙත් හොඳ හිත දිනාගත්ත ගාල්ලෙ ගයන්ත උන්නැහේ මේ පට්ටමට තෝරාගන්න වැඩ කළා...අන්තිමේදි කළුතර පෙරේ-රා උන්නැහේ සටනින් පහුබැහැල අයින් වුණා...

 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 09 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 16 වන සෙනසුරාදා, ප.ව. 02:00
 2024 මාර්තු 02 වන සෙනසුරාදා, ප.ව. 02:00