2020 ජනවාරි 04 වන සෙනසුරාදා

මැසිවිල්ලක්

 2020 ජනවාරි 04 වන සෙනසුරාදා, ප.ව. 12:30 514

රටේ මහපුටු ඡන්දය මෙහෙයවපු පොහොට්ටු කන්තෝරුවෙ ප්‍රබල චරිත දෙක තුනකට ආණ්ඩුවේ ඉහළ තනතුරු නොලැබීම ගැන ඒ අය වගේම පොහොට්ටුවෙ ප්‍රබලයො ගණනාවක්ම තමන්ගෙ දැඩි කනස්සල්ල පළ කරලා කියලයි ආරංචි...

නව රජය ගෙන යන වෘත්තිකයන්ට රටේ වගකිව යුතු ආයතන පැවරීමේ තීන්දුව නිසා දේශපාලනයට බර මේ චරිතවලට ආණ්ඩුවෙ පට්ටම් ලැබුණෙ නැහැ කියලත් කතාවක් යනවා... මෙයින් එක්කෙනෙක් පොහොට්ටුවෙ සහායට ජනපති ඡන්දෙටත් ඉදිරිපත් වූ විප්ලවකාරී පක්ෂයකින් ආපු හිටපු මන්ත්‍රී කෙනෙක්ලු...

අනෙකා කාලයක් පළාත් සභා මන්ත්‍රී පට්ටමක් දරල පස්සෙ පොහොට්ටුවෙ එක්තරා ලේකම් පදවියක් දැරෑ උන්නැහේ කෙනෙක් කියලයි ආරංචි...

මේ ප්‍රශ්න ගැන කනස්සල්ලෙන් ඉන්න ඔය කියන දෙතුන් දෙනා තමන්ගෙ දුක්ගැනවිල්ල කියන්න මේ මාසෙ අවසානෙ ලංකාවට එනවය කියන පොහොට්ටුවෙ නිර්මාතෘ හමුවෙන්න බලන් ඉන්නවය කියලයි කියැවෙන්නෙ...