2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා

විවේකයක් ගන්න යුරෝපයට

 2019 දෙසැම්බර් 07 වන සෙනසුරාදා, ප.ව. 12:30 975

මාස දෙකතුනක විවේකයකට පවුල පිටින්ම එංගලන්තෙ පැත්තට යන්න හදන දේශපාලන නායකයෙක් ඉන්නවලු....

කාලයක් මේ රටේ හුඟක් රස්නෙ තියෙන පුටුවක වාඩිවෙලා හිටපු උන්නැහේට මේ දවස්වල ඒ හැටි වැඩක් නැහැ... ඒත් උන්නැහේ ඉදිරි කාලයේදි නැවත ජනතා මෙහෙවරට කැපවෙන බවයි කියන්නෙ....

ඉතින් ඔන්න ඔය ජනතා මෙහෙවර ආරම්භ කරන්න කලින් කාලයක් විදේශගත වෙන්න කියන යෝජනාව ඇවිල්ල තියෙන්නෙ උන්නැහේගෙ ගේ ඇතුළෙන්ම බවයි ආරංචි....

පසුගිය මහ ඡන්දෙදි මේ කියන ලොක්ක ද්විත්ව චරිත නිරෑපණයක් කරන්න ගිහිල්ල ඒ ගැන හුඟක් තොරතුරැ අලුත් ආණ්ඩුවෙ ලොකු ලොක්කන්ටත් ලැබිලලු....

කොහොම නමුත් ඉදිරි මහ ඡන්දෙදි තමන්ගෙ ගම් පළාතෙන් කවුන්සිලේට එන්නත් එයා ට්‍රයිකරන වග ළඟම ඉන්න අය කියනවා... නමුත් උන්නැහේගෙන් ඇහුවම නම් එයා ප්‍රසිද්ධියෙ කියන්නෙ තමන් තරග නොකරන බවයි.

මොනව කරන්නත් කළින් යුරෝපයේ ගිහිල්ල විවේකයක් ගැනීම සඳහා සියල්ල සැලසුම් කරලලු. උන්නැහේගෙ පවුලෙ අයත් එයාට සමීප ප්‍රබල ගෝලයො දෙතුන් දෙනෙකුත් එහෙම රට යන්නයි ප්ලෑන් කරලා තිබෙන්නෙ....

දැන් මේ සමහර ගෝලයො ඒ සඳහා වීසා පවා අයදුම් කරලත් ඉවරයි. ඒ ඇතැම් ගෝලයන්ගෙ වීසා ඉල්ලීම් අදාළ රට විසින් ප්‍රතික්ෂේප කරල පොඩි ප්‍රශ්නයක් කියලත් තතු දත් අය කියනව....

මුන්නැහේ එංගලන්තෙ පැත්තෙ ගිහිල්ල විවේක ගන්න පුළුවන් කදිම නවාතැනකුත් සොයාගෙන ඇති බව මේ ගැන වැඩිදුර තොරතුරැ දන්න උදවිය කියනව ඇහුණා.